gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවසට පස් කන්ද වැටී තරුණියන් දෙන්නෙකු මියයාමේ හාලිඇළ ඛේදවාචකය!

“එදා හවස හතර හමා­රට විතර මහා සද්ද­යක් ඇහුණා. අපි ගිහින් බල­න­කොට අක්කලා දෙන්නා ඒ අය හිටිය ඇඳත් එක්කම සම්පූ­ර්ණ­යෙන්ම පස්ව­ලට යට­වෙ­ලයි තිබුණේ. පස්සේ කට්ටිය ඇවිත් ඒ අය රෝහ­ලට අරන් ගියා. ඒත් මෙහෙම දෙයක් වෙයි කිය­ලා­නම් අපි හිතුවේ නෑ.“

පෙරේදා (22) සවස හාලි­ඇළ උඩු­වර කැන්ද­ගොල්ල පතනේ නිවෙ­ස­කට පස් කන්දක් කඩා වැටී­මෙන් තරු­ණි­යන් දෙදෙ­නකු මිය­යෑම ගැන ප්‍රදේ­ශයේ පදිංචි තරු­ණි­යක වන එම්. නිශා­න්තිනී මෙන­විය පැව­සු­වාය.

කැන්ද­ගොල්ල පතන, 7 කණුව, උඩු­වර, හාලි­ඇළ ලිපි­නයේ පදිං­චිව සිටි විශ්ව­නා­දන් දනූෂා (22) හා මධ්‍යම පන්තික නිවාස, හාලි­ඇළ ලිපි­නයේ පදිං­චිව සිටි අම්බ­ල­ගම් කීර්තිනා (21) නම් තරු­ණි­යන් දෙදෙනා මෙසේ මිය­ගොස් තිබිණි.

සිද්ධිය වන විට අදාළ නිවසේ වැඩි­හි­ටි­යන් වැලි­මඩ ප්‍රදේ­ශයේ මළ­ගෙ­ද­ර­කට සහ­භා­ගි­වී­මට ගොස් සිට ඇතැ­යිද නිවසේ සිටි තරු­ණි­යගේ තනි­යට හාලි­ඇළ මධ්‍යම පන්තික නිවාස සංකී­ර්ණයේ කුලී නිව­සක පදිං­චිව සිටි ඇගේ ඥාති සොහො­යු­රි­යක වන කීර්තිනා ඒ නිව­සට ගොස් සිටි බව පැවසේ.

මේ නාය­යෑමේ සිද්ධි­යෙන් පසු අවට පිරිස් සමඟ සිද්ධිය වූ ස්ථාන­යට ගිය නිශා­න්තිනී මෙසේද පැව­සුවාය.
 
“එදා දවල් ඉඳන්ම වැස්ස. හවස වැස්ස වැඩි­වුණා. දනූෂා අක්කලා ගෙදර අනික් අය ඒ වෙලාවේ හිටියෙ නෑ. අක්කලා දෙන්න විත­රයි ගෙදර හිටියේ. අපි යන­කොට ගේ පිටි­පස්සෙ වේල්ල කඩා­වැ­ටිලා මහ පස් කන්දක් බිත්ති­යත් කඩා­ගෙන ගේ ඇතු­ළට ගිහින් තිබුණා.“

සිද්ධිය වූ නිවෙ­සට ඉහ­ළින් පිහිටි නිව­සක පදිංචි එල්.ජී. කුස­ලා­වතී මහ­ත්මිය මෙසේ පැව­සු­වාය.

“මේ දවස් ටිකේම හොඳ­ටම වැස්ස නිසා මේ අවට ගෙවල් කීප­ය­ක­ටම මෙහෙම වේලි කඩා වැටුණා. ඒත් වැස්ස සද්දෙ නිසා සිද්ධිය වෙන­කොට හරි­යට ඇහුණේ නෑ. අපිත් ගියේ අවට අය කෑග­හන සද්දෙට. මේ අයගේ නෑදෑ වෙන ළම­ය­කුත් ඒ ගෙද­රට ඇවිත් ඉඳලා තියෙ­නවා. මේ ළමයි දෙන්නාම ඉඳල තියෙන්නේ වේල්ල පැත්ත­ටම තිබුණු ගෙයි පිටි­පස්සේ කාම­රේක. ගෙදර වැඩි­හි­ටි­යන් මේ වෙලාවේ හිටි­ය­නම් ගෙද­රට හානි වුණත් ළමයි දෙන්නගේ ජීවිත බේරා­ගන්න තිබුණා.“

එහිදී ප්‍රදේ­ශ­වා­සි­යකු වන රුව­යි­ස්ඩීන් මහතා මෙසේ සඳ­හන් කළේය.
 
“එදා හව­සත් වෙනදා වගේම මහ වැස්ස. හවස හතර හමා­රට පහට විතර සද්ද­යක් ඇහුණා. ටික වෙලා­ව­කට පස්සේ මේ මිය­ගිය දුව­කුගේ අම්මා ඇවිත් කෑග­හ­මින් අපට කතා කළා. අපේ ගෙද­රට වේල්ල ඇවිල්ලා. දුලා දෙන්නා ගේ ඇතුළේ. කියලා කෑගැ­හුවා. අපි ගිහින් බල­න­කොට ළමයි දෙන්නාම පස්ව­ලට යට­වෙලා. හාලි­ඇළ පොලි­සියේ නිල­ධා­රි­නුත් ආවා. අපි පස් අයින් කර ළමයි දෙන්නා ගොඩ­ගත්තා. ඉක්ම­නින් බදුල්ල මහ රෝහ­ලට අරන් ගියත් ඒ වෙන­කො­ටත් ළමයි දෙන්නා මිය ගිහින් හිටියේ.“ මිය­ගිය තරු­ණි­යන්ගේ දේහ­යන් ඊයේ (23) දහ­වල් වන­තු­රුත් බදුල්ල මහ රෝහල් මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තිබුණි. දේහ­යන් පිළි­බඳ අව­සන් කට­යුතු හාලි­ඇළ මධ්‍යම පන්තික නිවාස ප්‍රදේ­ශයේ තාව­කා­ලි­කව පදිං­චිව සිට මිය­ගිය තරු­ණි­යගේ පියාගේ ගම වන පස්සර මීදු­ම්පි­ටිය ප්‍රදේ­ශ­යේදී සිදු­කි­රී­මට නිය­මි­තය.

හාලි­ඇළ ආර්.එම්. විජේ­රත්න, බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka