gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද්ධය නවත්වන්නේ නම් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනවා – හමාස්

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කර නොමැති බවත් එම සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින පිරිස නිදහස් කළ හැක්කේ

ගාසා තීරයේ පවතින සටන් නතර කිරීමෙන් පසුව බව ජ්‍යෙෂ්ඨ හමාස් සංවිධාන ක්‍රියාකාරිකයකු වන මවුස්සා අබු මර්සුක් විදෙස් මාධ්‍යයට පවසා තිබේ. බීබීසී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මර්සුක් පවසා ඇත්තේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙළන වාතාවරණයක රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අසීරු බවයි. “ඊශ්‍රායලය ගාසා තීරයේ දියත් කර ඇති සටන් නතර කරන්නේ නම් ප්‍රාණ ඇපකරුවන් රතු කුරුස සංවිධානය වෙත භාර දීමට හමාස් සංවිධානය පියවර ගන්නා බව මර්සුක් කියා තිබේ.

මේ අතර ගාසා තීරයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට අයත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව මේ වන විට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ මිය ගොස් ඇති පිරිස 10,000 ඉක්මවා ඇති අතර ඒ අතර කුඩා ළමුන් 4100ට අධික පිරිසක්ද සිටී. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ නිශ්චිත කාලයක් තුළ ගාසා තීරයේ සිදු කෙරෙන සටන් නතර කළ පසු සමස්ත ගාසා තීරයේම ආරක්ෂාව පිළිබඳ වගකීම ඊශ්‍රායලය විසින් භාර ගන්නා බවයි. සටන් විරාමයක් මේ මොහොතේ ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති ඊශ්‍රායල අගමැතිවරයා කෙටිකාලින මානුෂීය ප්‍රවේශයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව පවසා තිබේ. මේ අතර ගාසා තීරයට ඊශ්‍රායලය විසින් ඊයේ (07) දිනයේද ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල කර තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka