gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායල හමුදා ඇතුළු වීමට පෙර ගාසා නගරය දෙකට බෙදයි: – සරණාගත කඳවුරු දෙකක සිටි 53 කුත් ප්‍රහාරවලින් මරුට!

හමාස් අන්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් අරඹා ඇති ඊශ්‍රායල හමුදා ගාසා නගරයට ඇතුළු වීමට ආසන්නව සිටියදී ගාසා නගරය උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදීමට පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍යට පවසා ඇත්තේ මේ වන විට ගාසා නගරය වටලා ඇති සිය හමුදා ඉතාමත් ඉක්මනින් නගරයට ඇතුළු වන බවත් ගාසා නගරය දෙකට බෙදීම හමාස් අන්තවාදීන්ට එරෙහිව සිය හමුදා දියත් කර ඇති යුද්ධයේදී ගත් සැලකිය යුතු මට්ටමේ පියවරක් බවයි.

ඊශ්‍රායල හමුදා විසින් පෙරේදා (05දා) ගාසා තීරයේ තෝරාගත් ඉලක්කයන් 450ක් වෙත දැඩි ලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී දරුණුම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වයඹ දිග ගාසා තීරයේ තිබෙන ‘ශාටි’ නමැති සරණාගත කඳවුර ආසන්න ප්‍රදේශයට බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දුරකථන හා අන්තර්ජාල පහසුකම් දෙවැනි වරටත් විසන්ධි වී ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ ගාසා තීරයේ සන්නිවේදන කටයුතු දෙවැනි වරටත් විසන්ධි වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පලස්තීන ටෙලිකොම් සංවිධානය පවසා ඇත්තේ මෙසේ සන්නිවේදන කටයුතු බිඳ වැටීම හේතුවෙන් ගාසා තීරයේ යුද්ධයේ අලුත්ම තත්ත්වය පිළිබඳ විස්තර දැනගැනීම අවහිර වී ඇති බවයි.

මේ අතර පලස්තීන සෞඛ්‍ය අංශ විසින් මාධ්‍යට පවසා ඇත්තේ මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරු දෙකකට ඊශ්‍රායල ගුවන් හමුදාව පෙරේදා එල්ල කළ ප්‍රහාරවලින් එම කඳවුරුවල සිටි 53 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ගේ ඉලක්ක වෙත පහර දීමේදී ‘මගාසි’ සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් සරණාගතයන් 40 දෙනකු මියගොස් තවත් 34 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ.

ඒමන්ති මාරඹේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka