ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු ව ඇති බව කොළඹ මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අධිකරණය ඊයේ (01) තීන්දු කළා.
'ජනශක්ති' සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයෙකු වූ 'දිනේෂ් ෂාෆ්ටර්'ගේ 'අබිරහස් මරණය' පසුගිය සමයේ අතිශය 'ආන්දොලනාත්මක' මාතෘකාවක් වූ අතර, ඔහුගේ 'මරණය' සියදිවි නසාගැනීමක්ද ? ඝාතනයක් ද ? යන්න ගැන බොහෝ දෙනා අතර 'සැකයක්' පැවතුණා.
මේ සම්බන්ධයෙන් පැවති 'විමර්ශන' විවිධ අතට යොමු වුවත්, ඒ සම්බන්ධ 'නිශ්චිත තොරතුරක්' අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරින්ට නොහැකි වුණා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ 'ඝාතකයා' ඔහුට සමීප අතිශය 'විශ්වාසවන්තයෙකු' බවට ද මින් ඉහත තොරතුරු අනාවරණය වන්නට වුණා.
එසේම ප්‍රියන්ත ජයකොඩි 'චමුදිත සමරවික්‍රම' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ 'දිනේෂ් ෂාෆ්ටර්'ගේ මරණය අමු අමුවේ කරන ලද ඝාතනයක් බවයි.
'ෂාෆ්ටර්‌ගේ ඝාතනය අසාර්ථක පිටපතක කරපු ඝාතනයක්. මැරුවේ කනත්තේ දී නෙවෙයි...'
එසේම, හිටපු පොලිස් ස්ථානාධිපති අජිත් ධර්මපාල ද 'යූටියුබ්' නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වන 'ආන්දෝලනාත්මක' කරුණු කිහිපයක් අනාවරණය කර තිබුණා.
ඔහු සඳහන් කර තිබුණේ, 'ෂාෆ්ටර්'ගේ ඝාතනයද සිදු කර ඇත්තෙ 'තාජුඩින්' ඝාතනය අනුව යමින් බවයි.
'මම පැහැදිලි ව කියනවා, මේ ඝාතනයේ පැටන් එක තාජුඩීන් ඝාතනයේ පැටන් එක... මමත් ඔය වගේ අපරාධ ගැන පරීක්ෂණ සිදු කරලා තියනවා. මම වගකීමෙන් කියනවා, මෙයාව භාගෙට මරලා මෙතැනට ගෙනල්ලා දැම්මා. තාජුඩීන්ගේ ඝාතනයත් එහෙමනේ... රාජපක්ෂලාගේ පුතාලගේ වුවමනාවට ගෙනල්ලා මරලා, වාඩිකරලා ගිනි තියලා ගියා..... ඒ හා පැටන් එකක් තමයි මෙතනත් තියෙන්නෙ. මේක කවුරුන් හෝ කෙනෙක් මෙහෙයවපු ඉතාම සැළසුම් සහගත ඝාතනයක්...'
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධ විමර්ශන ද හරි ආකාරයෙන් සිදු නොවන බවට ඒ සමයේ චෝදනා එල්ල වන්නට වුණා. (ඔවුන්ට අනුව 'සියදිවි නාසගැනීමේ' කතාවක් මෙතනට ආඳා ඇත්තෙ පරීක්ෂණ යට ගැසීමේ අරමුණින්...)
මාධ්‍යවේදී කීර්ති රත්නායක වරක් කියා සිටියේ 'ෂාෆ්ටර්' ගේ ඝාතනයේ 'වගකිව යුත්තා' බ්‍රයන් තෝමස් 'විය හැකි' බවයි.
'දිනේෂ් ෂාෆ්ටර් ලංකාවේ කීර්තිමත් පුද්ගලයෙක් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දිගින් දිගටම යුක්තිය ඉල්ලලා සටන් කළා. නමුත් ඔහුට හිමි යුක්තිය අහිමි කළා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුව ඝාතනය කළා.... මං සතුව තිබෙන සාක්ෂි අනුව, ඔහුව සැළසුම් සහගතව ඝාතනය කළා. ෂාෆ්ටර් හා බැඳුනු ව්‍යාපාරික ජාලයක් තියනවා. ෂාෆ්ටර්ට මුදල් වංචාවක් කරන්නෙ බ්‍රයන් තෝමස්. ඒ මුදල පොඩි නෑ.....'
කෙසේ හෝ වේවා, දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ සැබෑ තොරතුරු ඉදිරියේ දී හෙළි වනු ඇති. ඒ සැණින් 'සැබෑ ඝාතකයා' සොයා 'යුක්තිය පසඳලීම'ට විමර්ශන නිලධාරින්ට හැකි වේවි ද? නැතහොත්, තාජුඩින් ගේ මරණය හා සම ව මේ 'ඝාතනය'ත් යට යයිද ?