gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාටත් හොරෙන් රෑ ගෙට පැනගත් ඇගේ අනියම් පෙම්වතා අවසානයේ ඇයට ඇසිඩ් ගහලා... පිළිස්සුම් තුවාලවලින් වේදනා විඳින ඇයට අවසානයේ පිහිට වුණේ කවුද..?

අනියම් පෙමක් විඳින්න විඳින්න ආස වුණාට ඒ දැනෙන හැඟීම පසු කාලයක මේ විදිහට ජීවිතයම අඳුරු කරයි කියලා ඇය හිතන්නේවත් නැතුව ඇති... 

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්... වෙලාව රාත්‍රි 8.00 ට පමණ ඇති...

කුරුඳු තැලීම් කටයුතු අවසන් කොට කුස්සියට ගොස් බත් බෙදා ගනිමින් සිටියදී කාමරයේ සිටි බිරිඳ ”‍පොඩි පුතා මට ඇසිඩ් ගැසුවා ”‍ කියා කෑ ගසන සද්දේට ඔහු එකවරම තිගැස්සුනේ කිසිවක් සිතාගත නොහැකිවයි...

සද්දට ඇසී තමන් ඒ දෙසට යන විටත්, පැලවත්තේ පොඩි පුතා යන අය එක් අතක ජෝගුවක් හා අනෙක් අතේ අඩි 2 1/2 ක් පමණ දිග මාලු‍ කපන මන්නයක් සහිතව ඉදිරි දොරෙන් පිටව ගිය බවත් ඔහු දැක තිබුණා.. කුලප්පු තන්ත්‍රිගේ ඥානදාස යන නිවැස්හිමියා පොලිසියට පැමිණිලි කර තිබුණේ අන්න ඒ ආකාරයටයි...

මුහුණ, බෙල්ල, පපුව, බඩ, අත් හා කකුල් පිළිස්සී සිටි බිරිඳව පුතා සමග එක්ව වතුර දමා සෝදා මීගහතැන්න රෝහලට ඔහු ගෙන ගොස් ඇත්තේ ඉන් පසුවයි...

කොහොම වුණත් කලක පටන් මෙම පොඩි පුතා යන අය සමග බිරිඳ අනියම් සබඳතාවක් පැවැත්වූ බවද ඔහු හොඳින්ම දන්නා කරුණක්...

වලල්ලාවිට, මගුරුමස්විල, පුහුවලකන්දේ පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ ලෙස්ලි කාන්ති නම්වූ 44 හැවිරිදි මෙම කාන්තාවට ඊයේ රාත්‍රියේ එල්ලවුණ ඇසිඩ් ප්‍රහාරයත් එක්ක බරපතළ තුවාල ලැබූ ඇය කළුතර ශික්ෂණ
රෝහලට ඇතුළත් කර තිබුණා... මීගහතැන්න පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා... 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka