gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැරයන් නෝනා පැදවූ රියේ ගැටුණු කැබිතිගොල්ලෑවේ ක්‍රයිම් OIC මරුට!

මිහින්තලේ කනදරාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (3 දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ මිහින්තලේ, නාමල්වැව පදිංචිව සිටි බී. සුනිල් චන්ද්‍රසිරි නමැති 58 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

පසුගිය ඔක්තෝම්බර් 08 දා අනුරාධපුර, ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ, වේලංකුලම හංදිය අසලදී මිහින්තලේ දෙස සිට සීප්පුකුලම දෙසට ධාවනය වෙමින් තිබූ වැගන්ආර් වර්ගයේ කාර් රථයක් සහ එම දිශාවටම ගමන් කළ යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු වන පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03 දා) අලුයම 2.55ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. එම අනතුර සම්බන්ධ මෝටර් රථයේ පැදිකාරිය වන අඹන්පොල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ කාන්තා පොලිස් සැරයන් වරියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මිහින්තලේ – රංග චතූ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka