gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මාව බිම දාලා පාගලා ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්ලුවා..." - සවුදි ගිහින් අපාදුක් වින්ද දර්ශනී කඳුළු සලමින් කී කතාව

“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර ගෑනි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිරවුණා. මට හුස්ම ගන්න බැරිවුණා…”

මෙසේ පැවසුවේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් එහිදී පහරකෑම්වලට ලක්වී ඉන් අනතුරුව ඉස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් ගිල්වා, රෝගාතුර වී ඊයේ (22 දා) අලුයම මෙරටට එවා තිබූ ගෘහ සේවිකාවකි. ඇය මතුගම, නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නමැති තිදරු මවකි. ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා, එතැන් සිට අල්ජසීරා ගුවන් සේවයේ ජේ.-9553 දරන ගුවන් යානයෙන් ඊයේ (22 දා) අලුයම 04.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දර්ශනී මෙසේ පැවසුවාය.

“මම සැප්තැම්බර් මස 17 දා සෞදි අරාබියේ මදීනාවල නිවසක ගෘහ සේවය සඳහා ගියා. ඒ ගෙදර වැඩකළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත්රූම් එක හෝදන්න ගියාම, ඒවා පෑගිල, මාව ලිස්සල වැටුණා. ඒවෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුණා. මට අමාරුයි, වැඩ කරන්න බෑ කිව්වම බාබා යනකල් ඉඳල ඒ ගෙදර කාන්තාව මට ගහල, කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ…” යැයි දර්ශනී පැවසුවාය.

මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල, ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා. දර්ශනී රැගෙන යෑම සඳහා ඇයගේ

ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙකි. ඔහු සිය අදහස් දක්වමින් ‘අපේ ගේ ළඟ ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්මයෙක්. මම එයාට ගිහින් කිව්වා මේ ගැන. එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.
කටුනායක-ටී. කේ. ජී. කපිල


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka