gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ගේ “ටයිම්ඩ් අවුට්” එම්සීසී අනුමත කරයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් “ Timed out” දවා ගැනීම නිවැරදි බව ක්‍රිකට් තරග නීති සම්පාදනය කරන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) නිවේදනය කර තිබේ.

කාලය පිළිබඳ ඇතිවූ ගැටලු සහගතභාවය දැනුම් දී නොතිබීමත්, මැතිව්ස් විසින් අභියාචනය ඉදිරිපත් කරන වන විට මිනිත්තු දෙකකට වඩා වැඩි කාලයක් ගතවී තිබීමත් සැලකිල්ලට ගනිමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තරගයේ විනිසුරුවන් නිවැරදිව කටයුතු කර ඇති බව මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි.

සදීර සමරවික්‍රමගේ දැවී යෑමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එකදු පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගියේය. පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරක්ෂිත හිස් වැසුමේ පටියක් ගැලවී යෑම හේතුවෙන් ඔහු නව ආරක්ෂිත හිස්වැසුමක් ක්‍රීඩාගාරයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පන්දුවට පහරදීම ප්‍රමාද වූවායැයි ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලදි. ඒ ඔහු පන්දුවට පහරදීම සඳහා මිනිත්තු දෙකක කාලයකට වඩා කාලයක් ගතකළ බව පවසමිනි. මෙහිදී මාලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ ක්‍රීඩා නීති අභිබවා ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන තරග කොන්දේසි මෙහිදී බලාත්මක වන බවයි. MCC පවසන්නේ සත්‍ය වශයෙන්ම, ක්‍රිකට් නීතියට අනුව විනිසුරුවන්ට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් මෙහිදී නොතිබූ බව යි.

මෙම තරගය පසුගිය 06 වැනිදා පැවැත්විණි. එහෙත් එම ඉල්ලීම අස් කර ගන්නේ දැයි මැතිව්ස් ශකීබ් ගෙන් කළ විමසීමට ශකීබ් යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නම් මැතිව්ස්ට ලබා දුන් තීරණය යළි ආපසු හැරවීමට විනිසුරුවරුන්ට අවස්ථාව තිබුණි. ශකීබ්ගේ එම හැසිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීණයෝ දැඩි ලෙස විවේචන ඉදිරිපත් කළහ.

චතුර පමුණුව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka