gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහගහන අපරාධයක්! බෙල්ලෙන්ම කපලා දාපු අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයෙන් මතුවෙයි!

කඳින් වෙන් වී ඇති වන අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයේ තිබී ප්‍රදේශවාසීන් සොයාගෙන ඇත.

හමුවූ හිසෙහි හොඬවැල සහ එක් කනක් කපා දමා තිබේ.

මෙම අලියා වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට, එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇති බවත්, ප්‍රදේශවාසීහු සැකකරති.

මේ වනවිට වන අලියාගේ හිස කොටස පමණක් හමුව ඇති අතර, වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් ඇත.

මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති විසින් සිදුකිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka