gossip lanka

අයවැයේ සතුටට මහල් නිවාස සංකීර්ණයේ වැසියන් රබන් ගහයි

2024 නව අයවැයෙන් කුලී ගෙවමින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් රැඳී සිටින මහල් නිවාස සංකීර්ණයේ පූර්ණ අයිතිය එහි පදිංචිකරුවන් වෙත ම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා පෙරේදා දිනයේ දී පාර්ලිමේන්තුවේ දී නව වසරේ අයවැය ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කළා.

ඒ අනුව පවතින හිඟ කුලී මුදල ද කපා හැරීමටයි නව අයවැය යටතේ තීරණය කර ඇත්තේ.

අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට මේ අයුරින් ලබාදීමට සතුට පළ කරමින් මහල් නිවාස ජනතාව සතුට සමරනු ලැබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ස්ටේඩියම් ගම, සිරිමුතු ගම, බූලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ජනතාව මේ ආකාරයෙන් රතිඤ්ඤා පත්තු කරමින්; රබන් ගසමින් සතුට සමරා තිබෙනවා.

ජනතාව මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය ද පුද කර සිටියා.
gossip lanka