gossip lanka

'තාඹුගල එනවා, ඌ --ක් දෙන්න ලෑස්ති, ජනාධිපති ඉස්සරහා'... ලප් තැනම 'ලොප්' වූ තාඹුගලගේ සංගීත කෙරුවාව! 'හඬපට එළියට! සලුපිළි අහකට!'

'තාඹුගල'ගේ 'සංගීත කෙරුවාව' ලත් තැනම 'ලොප්' වුණු කතා ප්‍රවෘත්තිය මේ වෙනකොට ක්ෂේත්‍රයේ රහසක් නෙවෙයි. ඒ 'ලොප් වීම' දරාගන්නම බැරිම තැන සංගීත කණ්ඩායම් කිහිපයක්ම 'ගිවිසුම්' අවලංගු කරලා එළිබැහැලා තියෙනවා.

පසුගිය දින කිහිපයේ, 'ශිල්පීන්' කිහිප දෙනෙක් සහ 'සංගීත කණ්ඩායම්' කිහිපයකුත් නැවත 'ප්‍රසංග' සඳහා එක් වන බැව් කියමින් 'සමාජ මාධ්‍ය' සටහන් එහෙමත් එක්කොට තිබුණා.

දින කිහිපයකට පෙර දී මාධ්‍ය හමුවක් අමතමින් 'දුලාන් සේනාධීර' නම් තරුණයා සඳහන් කර තිබුණේ 'තාඹුගල' විසින් සංගීත කණ්ඩායම් 21ක් මිලදී ගෙන 'තම නමට' පවරාගෙන ඇති බවයි. එසේ ම එක් කණ්ඩායමක් සඳහා 'ලක්ෂ 56' බැගින් ගෙවන්නට 'පොරොන්දු' ලබාදී තිබුණත්, 'තාඹුගල' විසින් එම 'පොරොන්දු' පත්‍රය නොතකා හැර තිබෙනවා.

'සංගීත කණ්ඩායම් 21ක් මිලදී ගත්තා. තමන්ගේ නමට ලියාගත්තා. ලක්ෂ 56ක් එක සංගීත කණ්ඩායමට ගෙවන්න පොරොන්දු වෙලා තියනවා. මේ මුදල ගෙවන්න පොරොන්දු වෙලා දැන් මාස හතරක් පඩි ගෙවලා නෑ. අහිංසක කලාකරුවෝ මෙයාගේ ඇමට අහුවෙලා තියනවා.' (දුලාන් සේනාධීරගේ මාධ්‍ය හමුව...)

මේ අතරතුර 'දුලාන් සේනාධීර'ගේ යැයි කියන 'හඬපටයක්', සකුරා රේන්ජ් නායක 'අජිත් මුතුකුමාරණ' සිය ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණේ, 'සළුපට අහසට! හඬපට එළියට' යන 'හිසින්' යුතුව යි.

'උදව්වක් ඔිනි.. හදිසියක්... පට්ට හදිසියක්... හෙට ජනාධිපතිතුමා එනවනේ එප්පාවලට. එප්පාවල සිද්ධාර්ථ ඉස්කොලෙ සංවත්සරයට ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා ඉස්කෝලෙට කෝටි එකාහමාරක මුදලක් දෙන්න හදනවා. ඒකට තාඹුගල කෝටියක් දෙන්න ලෑස්තියිලූ හෙට.. ඒ කෝටිය දෙන්න එයා (එයා ආදි ශිෂ්‍යයෙකුත් නෙවෙයි ඒ ඉස්කෝලේ...) ඒ වුණාට ඌ කෝටියක් දීලා හෙට ජනාධිලතිතුමා එද්දි එයාට ජනාධිපතිතුමාගේ සහය තියනවා කියලා පෙන්නන්න ෆොටෝ ගහන සීන් එකක් යනවා. මට මේ විස්තරේ දුන්නෙ රාජාංගනයේ කෙනෙක්ම යි. මේ විස්තරේ හරි... මම තව පැයක් ඇතුළත වීඩියෝ එකක් කරලා පේජ් එකේ දානවා. පුළුවන් තරම් මේක බුකියේ ශෙයා කරලා දාන්න.. එහෙම වුණාම වැඩේ චා වෙලා ඉවරනේ එතකොට...' (දුලාන් සේනාධීරගේ හඬපටය...)

   



'අවුරාලංකා' නොහොත් 'තාඹුගල' හා 'ගිවිසුම්' ගත වූ සංගීත කණ්ඩායම්වලට ඉන් 'ඉවත් වන' ලෙස බලපෑම් කරමින් මේ වන විට 'ෆේස්බුක් පිටු' කිහිපයක්ම ක්‍රියාත්මක වන අතර, 'අවුරාලංකා කෙරුවාව' නමින් ද ෆේස්බුක් පිටුවක් ඒ අතර වනවා.

කෙසේ වෙතත්, 'අවුරාලංකා' හා සිදු කළ 'ගිවිසුම් ගත වීම'ත්, රසිකයින් ඇතුළු පිරිස් වෙතින් එල්ල වන 'විරෝධය'ත් ගැනත්, සංගීත කණ්ඩායම් කිහිපයකම ශිල්පීන් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා 'කරුණු' කියා තිබුණා.

ඒ අතරින් කිහිපයක් පහතින්...

'අවුරා ලංකා agreement අත්සන් කරපු බෑන්ඩ් එලියට එනකම් බලාගෙන ඉන්නවලු වැඩ නොදී ඉන්න මඩ ගහන්න හැමෝම නෙවෙයි සමහර පිරිසක්, ඇත්තටම එහෙම කරන්නේ ඇයි කියල තේරෙන්නෑ ... මොකක්ද agreement ගියපු බෑන්ඩ් කරපු වැරැද්ද..? ඒ බෑන්ඩ් වල රසිකයන්ට එයාලා වරදක් කරේ නෑ ... අවුරා ලංකා එකට ගිහින් කරෙත් රසිකයන් පිනවපු එක තමයි වෙනදා වගේ හැම වෙලාවෙම පේන්න හිටියේ නෑ.. හැබැයි අවුරා ෂෝ එක ගැහුවා ඒ ෂෝ එක බලන්න ආවෙත් ඒ බෑන්ඩ වල රසික රසිකාවියොම තමයි එතකොට මොකක්ද ඒ රසිකන්ට කරල තියන වරද .. ? බොහෝ වෙලාට අපේ ෂෝ බැලුවේ ගොඩක් අය සල්ලි දීලා.. හැබැයි අවුරා ෂෝ එක පෙන්නුවේ නොමිලේ.. ඒක බලන්න ආවෙත් අර සල්ලි දීලා ෂෝ බලපු ඒ ඒ බෑන්ඩ් වලට ආදරේ කරන රසික රසිකාවියොම තමයි.. මෙතන තියෙන්නේ රසික රසිකාවියන්ගේ ප්රස්නයක් නෙවෙයි ටික දෙනෙකුට මේ වෙන දේ දරාගන්න බැරි කමක් තියෙන්නේ.. ඒ අය හිතන්නේ සංගීත කන්ඩායමක් උනාම හැමදාම එකම තැනට වෙලා ඉන්න ඕනේ කියලද... ඇයි සංගීත කන්ඩායම් වල කොල්ලන්ට හොදින් ජීවත් වෙන්න ආසාවක් නැද්ද? කීයක් හරි වැඩි පුර හොයාගෙන තමන්ගේ පුවුලේ මිනිස්සු එක්ක සතුටින් ඉන්න හීන තියනවනම් ඒ හීන ඉටු කරගන්න ආසාවක් නැද්ද? සංගීත කන්ඩායම් වල කොල්ලොත් එලියේ ඉන්න මිනිස්සු වගේම හීන , ආසාවල්, බලාපොරොත්තු තියන මිනිස්සු, කෝටිගනන් සල්ලි හොයලා බැංකු පොත් පුරවගෙන නෑ උන් සංගීතේ කරලා හොයාගත්ත සොච්චම එදා දවසේ වියදම් කරල කාල ඇදල ඉන්න මිනිස්සු (බොහොමයක් අය) හැබැයි උන් කවදාවත් තමන්ට ආදරේ කරන රසික රසිකාවියන්ට ආසාදාරනයක් කරන්නෑ... Agreement එකට ගියා කියලා එහෙම උනෙත් නෑ මෙතන තියෙන්නේ අතලොස්සක් මිනිස්සුන්ගේ කුහක කම මිසක් වෙන දෙයක් නෙවෙයි ගොඩක් දෙනෙක් කියනවා වැඩි තණ්නහවට ගියා හොද වැඩේ කියලා ඒවා දකිද්දී පට්ටම දුකක් දැනෙනවා.. මොන මිනිහද අකමැති තමන් දැං හොයන ගානට වඩා වැඩි ගානක් හොයන්න..මොන සේවකයද අකමැති තමන් ගන්න පඩියට වඩා වැඩි පඩියක් ගන්න රු 20000 පඩියට වැඩ කරන කෙනෙක්ට වෙන ආයතනයකින් කතා කරොත් රු 30000 ක් දෙන්නම් කියලා ඒ මනුස්සයා මුලින් වැඩ කරපු ආයතනය අත ඇරලා 30000ක් දෙනව කියන ආයතනයට යන්නේ නැද්ද.. ? ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම මනුස්සයෙක් එහෙමයි එහෙම කරන්නේ තමන්ගේ පවුල, ආසවල්, හීන ඉශ්ට කරගන්න මිසක් කාටවත් අසාදාරණයක් කරන්න නෙවෙයි නේද..? මේ කියපු දේ අපි හැමෝටම පොදුයි රාඡ්‍ය සේවකයෝ ඇයි පඩි වැඩි කරන්න කියන්නේ..?පුද්ගලික සේවකයෝ ඇයි ආයතන අත ඇරල වෙන ආයතන වලට වැඩි පඩියට යන්නේ...? වෛද්‍ය වරු ඇයි වැඩි පඩියක් ගන්න පිට රටවලට යන්නේ..? ව්‍යාපාරිකෝ ඇයි තමන්නේ ව්‍යාපාරය දියුනු කරන්න හදන්නේ... හැමෝම ආසයි හොදින් ජීවත් වෙන්න තමන්ගේ හීන හැබෑ කරගන්න.. හැමොටම තියන ආසාවම තමයි සංගීත කන්ඩායම් වල කොල්ලන්ටත් තියෙන්නේ... තමන් කරන රස්සාවෙන් ඉහලට යන්න උනුත් ආසයි... වැඩි පඩියක් ගන්න උනුත් ආසයි ... රාජ්‍ය සේවකයා වැඩි පඩියට වැඩකරත් කරන්නේ තමන්ගේ රැකියාව, පුද්ගලික සේවකයා වැඩ කරත් කරන්නේ රැකියාව, වෛද්‍ය වරු වැඩි පඩියට රට ගියත් කරන්නේ තමන්ගේ රැකියාව.. ඇයි සංගීතය කරන උන්ට විතරක් මේම කෙනෙහෙලිකන් කරන්නේඋන් ආස නැද්ද වාහනයක් පදින්න, උන් ආසනැද්ද අම්මා තාත්තා ගෑනු දරුවෝ සතුටින් තියන්න උන්ට ඒ දේවල් උවමනා නැද්ද..?තව අය කියල තිබ්බා ''හොරෙක් පස්සේ ගියාට හොද වැඩේ '' කියලා... කවුරු කොහොම කීවත් විරන්ජිත් තාඹුගල නීතියෙන් හොරෙක් කියල ඔප්පු වෙලා නෑ... එතකොට කොහොමද කියන්නේ හොරෙක් කියලා... රටේ නීතියක් තියනවා ඒ නීතිය අනුව එයා හොරෙක් වංචා කාරයෙක්නම් එයාට නීතිය ක්රියාත්මක වෙයි.. පිටකවරේ බලල පොතේ ඇතුලේ තියන දේ තීරනේ කරන්න අපට බෑ නේද..? ඒ වගේම කෙනෙක් කීව පලියට විස්වාස කරන්නත් බෑ නේද..? උදාහරණයක් විදිහට මෙහෙම හිතුවොත් ඒ වගේ කමන්ට් එකක් දාපු කෙනෙක්ට කවුරු හරි කීවෙත් මෙයා හොරෙක් මෙහෙම මෙහෙම දේවල් හොරකන් කරලා තියනවා කියලා එතකොට එයා හොරෙක් වෙනවද..? නෑනේ නේද මිනිස්සුන්ට ඕනේ විදිහට කතා හදන්න පුලුවන් හැබැයි ඒ කතාව පිලිගන්නවද නැද්ද ඒක තියෙන්නේ බලන කෙනොගේ අතේ... ඒ නිසා තමන්ගේ ඇස්දෙකෙන් දකින හැමදේම ඇත්ත කියලා හිතන්න එපා... හරි දේ හොයල බලමු එතකොට සමහර විට දැක්ක දේට වඩා ඇහුනු දේටත් වඩා වෙනස් දෙයක් හොයල බලපුවාම දැනගන්න ලැබෙයි..මට කියන්න ඕනේ උනේ මෙච්චරයි Agreement ගියපු බෑන්ඩ් ඒගොල්ලන්ට ආදරේ කරන රසික රසිකාවින්ට අසාදාරණයක් කරල නෑ එයාලා Agreement එකේ හිටියත් කරේ එයාලට ආදරේ කරන අයව සතුටු කරපු එක විතරයි එයාල වෙනුවෙන් සින්දු කියපු එක විතරයි.. එයාල කරේ එයාලගේ අනාගතය වෙනුවෙන් පවුලේ අයගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ හැකියාවට වටිනාකමක් ලැබෙන තැනකට ගියපු එක විතරයි...තේරුම් ගැනීම ඔබ සතුයි' (කුරුණෑගල ආශා සංගීත කණ්ඩායමේ Ani Ashaගේ ෆේස්බුක් සටහනක්...)

'මල්ලි අග්රීමෙන්ට් ගියා කියන්නේ මිනී මරල හැංගෙන්න යන්නේ වගේ අපේ ජාතියෙ අයගේ කතාව. කතා කරන්න ඕනි තැන කතා කරනවා හැංගෙන සීන් මොකටද අපිට. දරා ගන්න අමාරු මිනිස්සු දැන් කියවනවා කියවනවා ඉවරයක් නැහැ. මම මගේ page ඒකෙ දාන්නේ මට ඕනි දේවල් කාගෙවත් උපදෙස් ගන්න නෙවෙය්. මගේ friend list එකෙත් නැති set බැහැල හෝ ගාල කියවනවා නේ මල්ලි නේද. එයාලගේ සතුට නේ අපි බලන් ඉමු නේ. එළියේ වැඩ ඕනනම් ගහනවා නැත්තම් නිකන් ඉන්නවා ඒක මගේ වැඩක් නේ පට්ට උපදෙස් දෙන්නේ. අනේ අනේ මේවට ඉතින් කොහෙන්ද හිනාවෙන්නේ' (සකුරා රේන්ජ් නායක අජිත් මුතුකුමාරණගේ කමෙන්ටුවක්..)

   



'ඒ ගිවිසුමට අදාල පාර්ශවයන් දෙක ලංකාවේ නීතියට අනුව වලංගු අවබෝධතා ගිවිසුමක නම් ඉන්නේ ඒක ඒ අයට ප්‍රශ්නයක් නැත්නම් මෙයාලා (මේ චෝදනා නඟන්නෙ දුලාන් සේනාධීරට යි..) ඒ ගිවිසුමේ අතරමැදියෙකුත් නෙවෙයි නම්..ඉතින් ඒ පාර්ශව දෙකට නැති අමාරුවක් මුන්ට තියෙන්න පුළුවන්ද...? අපි නම් මෙහෙම අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් පත් කරලා නැහැ...' (Sandaru Row)
gossip lanka