gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාත්තගේ දේහය ගෙදර තියෙද්දි පන්දු 56කින් ලකුණු 85ක් ගහලා බංග්ලාදේශ මැච් එක ලංකාවට දිනවලා දීපු හිත හයිය කොල්ලා! (VIDEO)

තම පියාගේ මරණය පිළිබඳ පුවත සිතෙහි දරාගෙන වුවත් සිය කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටු කළ මෙරට නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන වාර්තා වේ.

සංචාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පෙරේදා  (22) පැවති තුන්වන එක්දින තරගය කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත්තේය.


එම ජයග්‍රහණයේ සතුට පසුපස තවත් කඳුළු කතාවක් තිබූ බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කළ 21 හැවිරිදි පවන් රත්නායකට ඊයේ තරගය ආරම්භයට පෙර ඉතා කනගාටුදායක පුවතක් දැනගැනීමට ලැබී තිබුණි.

ඒ රෝගාතුරව සිටි සිය පියා මියගිය පුවතයි.

තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යනු දැකීම තම පියාගේ ලොකුම සිහිනය බව දැන සිටි පවන් පියාගේ වියෝව පිළිබඳ වූ දුක සිතේ දරාගෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණි.

මහමෙරක් තරම් දුකක් සිතේ දරාගෙන තරගයට සහභාගි වූණත්, පවන් ඊයේ තරගයේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණේ පන්දු 56කින් ලකුණු 85ක් රැස් කරමිනි.


ඊයේ තරගය අවසන් වූ සැණින් සිය පියාට අවසන් ගෞරව දැක්වීමට පවන් දඹුල්ලේ සිට පිළියන්දල පිහිටි සිය නිවසට පැමිණි අතර ඊයේ  පස්වරුවේ පැවති අවසන් කටයුතු වලින් පසු ඔහු නැවතත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමග එක්වීමට පිටත්ව ගොස් තිබුණි.


ඕනෑම අසීරු අවස්ථාවක රට වෙනුවෙන් වගකීම් ඉටුකරන පවන් වැනි ධෛර්යවන්ත ක්‍රීඩකයින් අපට දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

පවන්, ඔබේ දක්ෂතා සහ ධෛර්යවන්ත බව ඔබේ පියා කොහේ හෝ සිට දැක සතුටු වනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka