gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'සල්ලිවලට ඌරු කොටුවලට යන්න එපා අයියේ... යූඑන්පී වේදිකාවේ ගී ගැයූ 'සුදත් නාවලගේ'ට බුකියෙන් එල්ලවන විරෝධය

 
යූඑන්පී' වේදිකාවේ ගී ගයන 'සුදත් නාවලගේ'ගේ 'අමු සිංදුවක්' මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ලොකු කතාබහකට ලක්වෙමින් තියනවා. (කතාබහක් කියනවාටත් වඩා විරෝධයක් කියන වචනේ එතැනට ගැළපෙනවා....)

ඒ වුණත්, හුඟක් 'උන්'ට 'පිටකවරේ' සිංදුව 'අප්සැට්' කළාටත් වැඩිය, 'සුදත් නාවලගේ' යූඑන්පී වේදිකාවට නැඟපු එක ගැන 'දාහක්' ප්‍රශ්න කෝන්තර තිබුණා. එතනිනුත් වැඩිම පිරිසක් 'සුදා'ට පහර ගහන්න මේ 'වීඩියෝව' හොඳ 'ඉල්ලමක්' කරගත්තා. (ඒක තවත් සමහරු දේශපාලනික වශයෙනුත් තමන්ගේ වාසියට හරවා ගත්තා....)

'යූඑන්පී' වේදිකාවේ ජනපති රනිල් කරපු 'ගෝරනාඩු'වෙන් පස්සෙ හැමදේම 'අවසානයි' කියලා හිතුවා වුණත්, 'සුදත්'ගේ ආගමනයත් එක්ක ඒක ආයෙම වතාවක් ආරම්භය 'සනිහිටුවන්' කරනවා.
    



'සුදා' කියන්නෙ අතිශය ජනප්‍රිය 'සන්ෆ්ලවර්' සංගීත කණ්ඩායමේ 'රිදම් ගිටාර්' වාදකයා. 'ජීවිතේ මල්', 'මෙහා ඉවුරේ තණකොල කන','යාලුවෙලා තරහා වුණා හිටි ගමන් ඔයා' වැනි ජනප්‍රිය ගී ගණනකම 'හඬ අයිතිකරු' ඔහු. එපමණක් නොව 'කැසට් යුගයේ' සන්ෆ්ලවර් කැසට් බොහෝමයක 'ශබ්ද පරිපාලකයා' වූයේ ද සුදත් නාවලගේ ම යි.

මේ වෙනකොට, 'දාහක්' උන් 'කයි කතන්දර' කිවුවා වුණත්, 'සුදා' වෙනුවෙන් ඉදිරිපත් වුණු බොහෝමයක් 'පාර්ශව' සුදාගේ මේ 'ගීත ගායනය' ගැන විවිධ ආකාරයේ අදහස් පළ කර තිබුණා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න...


    


'අමුවද..පැහිලද..ඉදිලද..මේ ගොල්ලන්ට වැඩ නෙමේ ඕව.බඹර පදම පොඩ්ඩක් එහාමෙහා වෙලා නොගැලපෙන තැනක..දේශපාලන මඩ ගොහොරුවක තමන්ට තමන්ව හදුනාගන්ඩ අවස්ථානුකූලව බැරි උනා කියලයි මම හිතන්නෙ.අනික වෙන කිසිකෙනෙක්ට කිසිදාක බෑ..මෙයාල සංගීතයෙන් ලංකාවෙ කරපු දේවල් කරන්ඩත්'

'සුදත් නෙමෙයි බන් නීල් අයියා කලත් වැරැද්ද වැරැද්දක් ..සමාජයට හොඳ දේ දුන්න නිසා තමයි මෙයාලට අද මිනිස්සු ගරු කරන්නේ..ඒ ගරුත්වය තියාගන්න එක ඒ අයගේ වැඩක්..එක එකාගේ දේශපාලන කොන්ත්‍රාත් අදින්න ගියහම කොහොමත් කිච වෙනවා ..'

  

     


'සුදත් අයියාද මනුෂ්‍යයෙකි. වරදින්නේ ද හරියන්නේ ද මනුෂ්‍යයින් ට. ඉතිහාසෙටම කිරි කලේට ගොම බින්දුවක් දා ගත්ත දැක්කමයි. නොයා හිටියනං වඩාත් හොදයි. නමුත් ආදරේ නැතිවෙන්නෙ නෑ ඒකම හේතුවක් කරගෙන'

'සුදත් අයියා කියන්නේ ලේසියෙන් තැනක නෝන්ඩි වෙන කෙනෙක් නෙවෙයි.....සමහර විට එයා එතනට ගිය නිසා ගොඩක් කට්ටිය ඉල්ලීමක් කරන්න අති ඒක කියන්න කියලා....එයා ඒක වැඩිය නොහිතා කියලා දැම්මා ඉල්ලීම ඉටු කරන්න....එයා එහෙම කෙනෙක් ....මම ඒක හොදටම දන්නවා....වීඩියෝ එක බලලා එක එක්කෙනාට එක එක අදහස් දෙන්න පුලුවන්...මම හිතන්නේ එතන උනේ ඒක.....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka