gossip lanka

ලලිත් ඔයා පුදුම මිනිහෙක්... මිනිත්තු 10න් මිලියන 100ක් දුන්නා, කියලා මහින්ද මාව බදාගෙන ඇඬුවා...ලලිත් කොතලාවල රටට 'නොකියූ' සත්‍ය කතාව!

සුප්‍රකට ව්‍යාපාරික 'සෙලින්කෝ' නිර්මාතෘ ලලිත් කොතලාවල පසුගිය දිනෙක අභාවප්‍රාප්ත වුණා. (ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...)

මිය යන විට 84 වැනි වියේ පසුවූ ඔහු ලංකාවේ 'ව්‍යාපාර ලෝකයේ' යුග පුරුෂයෙකු ලෙසයි හඳුනා ගැනෙන්නෙ.

ශ්‍රී ලංකාවේ අග්‍රාමත්‍යවරයෙකු වූ 'සර් ජෝන් කොතලාවල' ඔහුගේ ළඟම ඥාතියෙක් ද වනවා.

2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ 'ධනවත්ම' ලැයිස්තුවේ 'අංක එක' ස්ථානය හිමි කරගත්තෙ ද ඔහු යි.

ලලිත් කොතලාවට අයත් ව තිබු 'ගෝල්ඩන් කී' ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26ක මුදල් ආයෝජන අස්ථානගත වීම හේතුවෙන් විවිධ 'කරදර'වලට මුහුණ දුන් අතර, 'තැන්පතු හිමියන්ට' නොගෙවූ වරදට නඩු ගණනාවකට මුහුණ දීමට ද ඔහුට සිදු වුණා. අනතුරුව ඔහු කලක් 'සිරගත'වද සිටියා.

මේ අතර, 'ලලිත් කොතලාවල' යහපාලන සමයේ 'උපුල් සන්නස්ගල' සමඟ පැවැත්වූ සාකච්ඡාවක කොටසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

ප්‍රශ්නය - ඔබතුමා කියනවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බියගම ග්‍රවුන්ඩ් එකක් හැදුවා, ඔබව කරට අත දාගෙන එක්කන් ගියා, එකට කෑවා බිව්වා, මම කැමතියි ඒ විස්තරේ සම්පූර්ණයෙන්ම අහගන්න.

පිළිතුර- දවසක් මට කෝල් එකක් ආවා, උදේට එන්න කියලා, ජනාධිපති ලෑස්ති කරලා තිබ්බා හෙලිකොප්ටර් එකක්. ඒකෙන් ගිහින් ග්‍රවුන්ඩ්ස් එක බලන්න. (හෝමාගමනේ...) මම ඒත් කිවුවා, බය නැද්ද, ඒ කාලේ එල්ටීටීඊ කාලෙනේ. මම කෙටියෙන් කියන්නම්... මම ගියා. එතකොට ජනාධිපතිතුමා තව හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා හිටියා. මට පුදුමයි මම විතරයි අමුත්තෙක්ට හිටියේ. ඒ ග්‍රවුන්ඩ් එකේ හමුදාවේ අය වැඩ කරමින් හිටියේ.. 'ඉතින් ආ ලලිත් එන්න' කියලා මට අඬගැහුවා. පස්සෙ එයා ප්ලෑන් එක බැලුවා. මමත් බැලුවා උරහිසට උඩින්. ආමි කට්ටියත් එක්ක බැලුවේ. ජනාධිපතිතුමා ඇහුවා එයාලගෙන් 'කීයක් යනවද ස්ටේඩියම් එකට?'නයිටි මිලියන් යනවා' කිව්වා (මිලියන 90ක්..) 'රනින් ට්‍රැක්' එකට මිලියන 10ක් යනවා කිවුවා, මම මෝඩයක් වගේ කිවුවා, මම 'දෙකම ගන්නම්' කියලා. මිනිත්තු දහයෙන් මම මිලියන 100ක් දුන්නා.

ප්‍රශ්නය - රිසිට් එකක් දුන්නද?

මම මාස 9ක් හිරේ හිටියා. රිසිට් පත් පුච්චලද, මම දන් නෑ මොනා වුණා ද කියලා. පස්සෙ මම හෙලිකොප්ටර් එකේ නැඟලා ජනාධිපතිතුමා එක්ක කොළඹට ආපහු යනවා. එතුමා මාව බදාගෙන අඬලා කිවුවා 'ලලිත් පුදුම මිනිහෙක්, පුදුම යාලුවෙක්, මට මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා. මම කවදාවත් අමතක කරන් නෑ. ලලිත්ගේ නම දානවා, ස්ටේඩියම් එකට දානවා කිවුවා, දේශමාන්‍ය ලලිත් කොතලාවල කියලා. මම හිරේ ඉද්දි මේක විවෘත කළා. මම බැලුවා හිරේ තිබ්බ ටීවී එකෙන්. මගේ නම නෑ... කිවුවේ නෑ මම සතයක්වත් දුන්නා කියලා....'

පහතින් දැක්වෙන්නෙ ඒ සමයේ 'රූපවාහිනි' මාධ්‍ය අදාළ පුවත විකාශනය කළ ආකාරයයි.

'ක්‍රීඩාංගනයේ ඉදිකිරීම සඳහා කිසිදු රාජ්‍ය මුදලක් යොදා නොගනිමින් මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංවර්ධන පදනම මඟින් ප්‍රතිපාදන සැපයීම ද විශේෂත්වයකි....' (ප්‍රවෘත්තිය අවසානයේ මහින්ද රාජපක්ෂගේ 'තේමා ගීතය' ද වාදනය වේ...)
gossip lanka