gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයස අවු. 2 සිට 7 දක්වා දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අන්තර්ජාලයේ – පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ  මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට ඊයේ (24) කරුණු වාර්තා කළේය.

වට්ස්ඇප් සමූහයක සාමාජිකයන් වෙමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එම ජාත්‍යන්තර සංවිධානය  පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කළ බව කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දැක්විය.

වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා  3000/=  වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ලමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම වීඩියෝ දර්ශනවල ශ්‍රී ලාංකික දරුවන් සිටිත් ද යන්න සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසට මෙහිදී ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයෙන් ඉල්ලීය.

අදාල ඉල්ලීම් වලට නියෝග නිකුත් කළ අධිකරණය විමර්ශන පවත්වා වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට එම කාර්යාංශයට නියෝග කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka