gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇය අම්මා තාත්තා වෙනුවට තෝරගත්තේ පෙම්වතාව... මාස 03ක් උදෑසනට අඹු සැමියන් ලෙස හැසිරී 1:30ට සුපුරුදු ලෙස ගෙදර ගිය සිසුවියගේ කතාව මෙන්න..

පාසල් වයසේ දරුවන්ට ජීවිතය ගැන තියෙන්නේ එතරම් ලොකු අවබෝධයක් නෙවෙයි..

ඒත් ඔවුන්ට මග පෙන්වන්න මව්පිය ගුරුවරුන් ඉන්නවා නේ...

අපි හිතන්නේ එහෙම.. ඒත් ඒ රැකවරණයෙනුත් පිට ගිය කතාවක් තමයි මේ කියන්න යන්නේ මේ කතාව අපට ඇහෙන්නේ කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයෙන්...

මේ කතාවට මුල් වුණ සිසුවිය පාසල් නොගොස් පෙම්වතා සමඟ ලැඟුම්හල්වල නැවති අඹු සැමියන් ලෙස හැසිරී පාසල් ඇරෙන වේලාවට යළිත් නිල ඇඳුමින් සැරසී පාසලට ගොස් නිවසට ‍යන ආකාරයෙක් නිවසට ගිහින් කියලා තමයි පොලිසිය කියන්නේ...

මේ බව ඇයගේ මව දැනගන්නේ දිනක පාසලට ගොස් දියණිය ගැන විමසූ අවස්තාවේදීයි... එහිදී දැනගන්න හැකිව ඇත්තේ මේ සිසුවිය සතියකට එක් වරක් පමණක් පාසල් ගොස් ඇති බවයි...

ඇය නිවසට පැමිණි විට ඇයවත් රැගෙන මව කොස්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ...

පොලිසිය පැවසුවේ සිසුවිය හා පෙම්වතා ගෙන්වා විමර්ශන සිදු කිරීමේදී ඔවුන් දෙදෙනා මාස 03ක් පමණ කාලයක් අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර, ඇය දෙමාපියන් සමඟ නැවත නිවස කරා යාමට අකමැති වී පෙම්වතා සමඟ යාමට කැමැත්ත පළ කර ඇති බවයි...

මොවුන් දෙදෙනාගේ වයස සම්පූර්ණ වී ඇති බැවින් නීතිමය පියවර ගැනීමට නොහැකි හේතුවෙන් දෙදෙනා විවාහ වී විවාහ සහතිකය ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති බවයි සඳහන් වෙනවා...

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු පවසන්නේ පාසලට හා උපකාරක පන්තිවලට යන සිසුන් පිළිබඳව දෙමාව්පියන් ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කර වීමසිල්ලෙන් සිටිය යුතු බවයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka