gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමට එක්වන්න තවත් රැසක් සූදානමින්!

ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීම සඳහා තමන් ද සූදානම් බවට ක්‍රිකට් ලෝලීන් රැසක් අදහස් පත් කර තිබේ.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඇතැමුන් මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන තමන්ද ඕනෑම මොහොතක කැඳ වීමේ ඉඩකඩක් ඇති බවයි.

ඒ නිසා සූදානමින් සිටින බව ඔවුන් තම සමාජ ගිණුම් වල සටහන් තබමින් ක්‍රියා සිටිති.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ මේ වන විට දරුණු පසුබෑමකට ලක්ව සිටින අතර සියලුම කණ්ඩායම් අතර අවසාන ස්ථානයේ පසුවෙයි.

ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධයන්ට ලක් වීමෙන් තරගාවලිය අහිමි වී ඇති තත්ත්වය යටතේ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ද ඉන්දියාවට හදිසි කැඳවීම් ලැබ ඇත.

ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල ඔස්සේ චෝදනා කරන්නේ ක්‍රිකට් ලෝක කුසලාන සඳහා කිසිදු පූර්ව සූදානමකින් ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකළ බවයි.

ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ මැද පවා ආදේශ ක්‍රීඩකයන් සෙවීමට ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇති බවත් ඔවුන්ගේ අදහසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka