gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සවුදියේ සේවයට ගිය හොරණ කාන්තාවක් මාස තුනකට පෙර මිය ගිහින්! ගෙදරට දැනුම් දීලා තියෙන්නේ පෙරේදා! (VIDEO)

විදේශ රැකියාවක් සදහා සවුදි රාජ්‍යයට ගොස් සිටියදී  මීට මාස තුනකට පෙර මියගොස් ඇති බවට පසුගියදා (17)දින ග්‍රාමසේවක විසින් මෙම කාන්තාව මියගිය පුවත ඥාතීන් වෙත දන්වා ඇති සිද්ධියක් වාර්තා වෙනවා.

මෙසේ මරණයට පත්වී ඇත්තේ හොරණ, මදුරාවල, අගුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව හිරුෂිකා සදමාලි 32 හැවිරිදි  සිව් දරු මවකි.

පවුලේ ඇති අගහිගකම් නිසා ඇය මරදානේ පිහිටි  පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් නිත්‍යානුකුලව ලියාපදිංචිවී 2021.2.6 දින විදේශ රැකියාවක් සදහා සව්දි රාජ්‍යයට වෙත පිටත්වී ගොස් ඇත. අවුරුද්දයි මාස හතක් පමණ රියාත් නගරයේ පිහිටි නිවසක සාත්තු සේවිකාවක වශයෙන් සේවය කර ඇති ඇය පසුගිය ජනවාරි මස 18 දින සිට නිවසට මේ දක්වා කතා කර නැත. අනෙකුත් මාස වලත් මේ ආකාරයෙන් වරින් වර කතා  කතා කර ඇති නිසා නිවසියන් මේ ගැන සැක සිතා නැත.

ග්‍රාමසේවක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුරකථන අංකය ඔවුන්ට ලබාදී ඒ පිළිබඳව විමසන මෙන් පවසා ඔහු පිටව ගොස් ඇත. පසු දින මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ලබා දුන් දුරකථන අංකයට කතා කොට විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තොරතුරු විමසන මෙන් ඔවුන් පවසා ඇත.

විදේශ සේවා නියුක්ති කාරයංශයට කතා කිරීමේදී  දැන ගැනීමට හැකි වී ඇත්තේ සිය බිරිද  දැනට මාස 3කට පෙර මියගොස් ඇති පුවත ඔවුන්ටද මීට දින දෙකකට පෙර දී ලැබුණු බවයි.

පසුව මරදානේ පිහිටි ඇය විදේශගත වූ විදේශ රැකියා ආයතනයට කතා කිරීමේදී ඔවුන් ද පවසා ඇත්තේ කිසිවක් නොදන්නා බව සහ මේ සිදුවීම මාධ්‍යයට හෙළි නොකරන ලෙසයි.

අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් ඊයේ  (19) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට  ගිය පසු පවසා ඇත්තේ මෙය ඔවුන්ටද සැකකටයුතු සිද්ධියක් බවයි විදේශ ගමන් බලපත්‍රයද වෙනස් කර ඇති බව සහ දේහය ලංකාවට ගෙන ඒම පිළිබඳව ගැටළුවක් ඇති බව සඳහන් කර ඇත.

මියගිය කාන්තාවගේ පියා විසින් මේ මරණය සැක සහිත මරණයක් බව සහ මාස තුනක් පසුවී තමන්ට මේ බව පැවසීම සම්පූර්ණ සැකයට තුඩුදෙන කාරණාවක් බව පවසා අඟුරුවාතොට පොලිසියේ පැමිණිල්ලක්ද ඊයේ  (19)සවස දමා ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka