gossip lanka

මම ඒ හෙන ගහන අපරාදේ කළා සර් සර් මං වෙනුවෙන් කතා කරන්න එපා – පුංචි ‘සේයා’ගේ අපරාධකරුවා නීතිඥයතුමා ඉදිරියේ කියූ කතාව

‘සේයා සදෙව්මි’ (තව වසර ගණනක් යනතුරුත් අමතක ම නොවෙන ඒ නමේ අයිතිය ඈට.. සත්තකින්ම සුරවිමන් බලා ගිය පුංචි සුරංඟනාවියකට…)

2010 අවුරුද්දේ උපත ලැබූ ‘සේයා’ව 2015 වසරේ දී ‘ඝාතනය’ වූ (සත්‍ය වශයෙන්ම ඈව ඝාතනය කොට තිබුණේ දූෂණය කිරීමෙන් ද අනතුරුවයි…) පුවත ඒ සමයේ සියලු ‘හදවත්’ කම්පා කරවූ ‘ප්‍රවෘත්තියක්’ වුණා.

ඊටත් වඩා…. ‘සේයා’ගේ ඝාතනය සිදු කළ ‘පාපතරයා’ සොයන්නට පොලිසිය ගත් ‘අසාර්ථක’ උත්සාහය ද දිගින් දිගට ම බොහෝ දෙනාගේ දෝශ දර්ශනයට ලක්වුණා.

සේයා… මල් පෙත්තක් වගේ ලස්සන පැටියා… අවුරුදු 4යි මාස 8යි. අපරාධකාරයා රෑ 12.30ට ගෙට පැන්නෙ. facebook

වරින් වර ‘මාධ්‍ය’ හරහා ‘සැකකරු ඇල්ලුවා’ කියමින් විවිධ පුද්ගලයින් ‘පොලිස් දැලට’ කොටු කරගත්තා වුණත් ‘සැබෑ සැකකරු’ අල්ලා ගැනීමට පොලිසියට ‘අතිවිශාල’ කාර්යභාරයක් සිදු කරන්නට වුණා. (ඒ අතරතුරත් සමාජයෙන් පොලිසියට එල්ල වූ විවේචන අඩුවක් නැතිවුණා….)

පසුගිය දිනෙක ‘සේයා’ගේ ඝාතනය ගැන ‘නවතම’ කතාබහක් ඇතිවුණේ, ‘පොලිසියේ උසස් නිලධාරියෙක්’ පාසල් දරුවන් අමතා සිදු කෙරූ ‘කතාවක්’ නිසයි.

‘සේයා’ගේ ඝාතකයා සිදු කළ ප්‍රකාශයක් ඒ ‘මහතා’ මේ අයුරින් අනාවරණය කර තිබුණා.

ඊට පස්සෙ ඇඟිල්ල දික් කරේ මේ දරුවගෙ තාත්තට කොහොම හරි ඊට පස්සෙ කොණ්ඩයා අයියා අත්තඩංගුවට ගත්තා. Lankadeepa

‘සේයා… මල් පෙත්තක් වගේ ලස්සන පැටියා… අවුරුදු 4යි මාස 8යි. අපරාධකාරයා රෑ 12.30ට ගෙට පැන්නෙ. මේ අපරාධකරයා සේයාව උස්සන් කිලෝමීටර් 2ක් ගම මැද්දෙ දිවුවා.. මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා. ඒ අඬනකොට ඒ මිලෙච්ඡ තිරිසනා කට මිරිකුවා. ඒ වෙලාවේ කියන විදිහට කිරි දතක් දෙකක් ගැලවිලා තියනවා. මේ අපරාධකාරයා ජීවිතේට ඉස්කෝලේ ගිහින් නෑ. ඇඟිලි අත්සන ගහන්නේ. මේ සේයාට අපරාධය කරපු අපරාධකරුවා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම නීතිඥ නෝනා මහත්තයා කෙනෙක් නැඟිට්ටේ නෑ. ඇයි ඒ? ඒ තරම් මිලේච්ඡ අපරාධයක් කරලා තිබුණේ. රජයෙන් නොමිලේ නීතිඥ මහත්තයෙක් පත් කළා. එයා මගේ සමකාලීනයෙක්. මම ඇහුවා නඩුව දවසේ මොකද වුණේ කියලා. නඩුව දවස උදේ මේ සමන් ජයලත් කියන පාපතරයා, කුඩුව ඇතුළේ ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලූ, සර්… සර්ට බුදු බව අත්වෙනවා. සර් අද නඩුව කතා කරනවා. සර් මං වෙනුවෙන් කතා කරන්න එපා. ඔය හෙන ගහන අපරාදේ මම කළා. මට දැන් රෑට නින්ද යන් නෑ. මට ඒ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා. මාව එල්ලලා මැරුවත් මම මේ දේ අධිකරණයේ කියනවා. මේ අපරාධකරයාට මරණීය දණ්ඩනය දුන්නා …. ඔහු තාම ඉන්නවා කූඩුව ඇතුළේ… දන්නවද? මේ කෙනත් පොඩි කාලේ අපයෝජනයට ලක් වෙලා තියනවා….’ (ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර…)

DNA වාර්ථා ආව ගමන් මුං එකෙක්වත් මේ සිද්ධියට අදාලවත් නෑ පොලිසිය ගොතපු බොරුව අතේ පත්තු වුණා. Lankadeepa

කොහොම වුණත් ‘පොලිස් පරීක්ෂකතුමා’ට අමතක වුණු ‘සේයා’ගේ ‘මරණයේ’ පොලිසියේ ‘අසමත්කම’ බොහෝ දෙනෙක් ‘කමෙන්ටු’ විදිහට අදාළ වීඩියෝවට එකතු කරලා තිබුණා.

පහළින් තියෙන්නෙ ඒ එක කමෙන්ටුවක්.

‘රෙදි ඇඳගන මේ කියන්නෙ කොයි අපරාධකරායගෙ පාපොච්චාරණයද දන්නෙ නෑ..මට මතක විදිහට හතරදෙනෙක් සැකපිට ගත්තා ලැප් එකේ වැල තිබුණ ළමයා,අසල්වැසි දෙදරු පුද්ගලයෙක්,කොණ්ඩයා (ඒ නමත් පොලිසිය අතින් දාපු එකක්).මේ තුන් දෙනාම වෙන වෙනම මම තමයි මේක කරේ කියලා පාපොච්චාරණය කරා කියලා කිව්වා.DNA වාර්ථා ආව ගමන් මුං එකෙක්වත් මේ සිද්ධියට අදාලවත් නෑ පොලිසිය ගොතපු බොරුව අතේ පත්තු වුණා.ඊට පස්සෙ ඇඟිල්ල දික් කරේ මේ දරුවගෙ තාත්තට කොහොම හරි ඊට පස්සෙ කොණ්ඩයා අයියා අත්තඩංගුවට ගත්තා.පොර තමයි ඇත්තම අපරාදකරු කියලා සිද්ධිය ඉවර කරා.සමහර විට ඇත්තම අපරාදකාරයා තවමත් එළියෙ වෙන්නත් පුළුවන්.. හැබැයි ඉතිං මොනවම හරි සිද්ධියක් උන ගමන් එල්ලුම් ගහ බලාත්මක කරන්න ගගා වැළලෙන මන්ද බුද්ධිකයො තමයි ලංකාවේ ඉන්නෙ’

උපුටා ගැනීම – Monara
gossip lanka