gossip lanka

'කෙල්ලට අවුරුදු 15යි! බස් එක නැවත්තුවාම කොන්දොස්තරයි රියදුරුයි තිරරෙදි වහලා!','අම්මට කියන්න බෑනේ!': තුන්දෙනෙක් 'හදි කළා'ය කියලා බුකියේ පතුරු ගහපු සිද්ධියේ 'ඇත්ත' මෙන්න

කුරුණෑගල පාසලක 'සිසුවියක්' බරපතල 'සමූහ දූෂණය'ට ලක් කළාය කියන 'සිදුවීමක්' මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වෙනවා. (ඒ කියන දූෂකයින් එල්ලා මරා දමන්නටත් මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයින් කටයුතු කර අවසන්...)

ඒ නමුත් 'සත්‍ය වශයෙන්ම' මේ සිදුවීමේ 'විකෘති ප්‍රවෘත්තියක්' නොහොත් 'ව්‍යාජ ප්‍රවෘත්තියක්' සමාජ ගත ව ඇති බැව් අප කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

දැරියක් 'සමූහ දූෂණය' කළ බව කියන නමුත්, වාර්තා වන තොරතුරු අනුව එම අවස්ථාවේ 'සමූහ දූෂණයක්' සිදු ව නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක' නිහාල් තල්දූව මහතාත් මේ 'සමූහ දූෂණ' කතාව ප්‍රතික්ෂේප කරනවා.

ඔහු මාධ්‍ය හමුවේ 'අනාවරණය' කරන පරිදි දැරියව දූෂණයට ලක් කරන්නෙ 'එක් පුද්ගලයෙක්' පමණයි. (ඇය පෙම්වතා යනුවෙනුයි හඳුනා ගැනෙන්නෙ...) අනෙක් අතට... 'බස් රියදුරු' සහ 'කොන්දොස්තරවරයා' ඊට සහය පිණිස 'තිරරෙදි' වසා දමා තිබෙනවා.

මෙම සිදුවීම 'සමූහ දූෂණයක්' බැව් කියමින් මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක් මඟින්ද ප්‍රචාරය කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් එය 'විශ්වාස කිරීම'ට පෙළඹී තිබුණා.

'13 වැනිදා තමයි පොලිසියට මේ ගැන වාර්තා වන්නෙ. (කුඹුක්ගැටේ පොලිස් වසමෙන්..) ඇයට අවුරුදු 15යි. ඇය පාසල් ඇරිලා නිවසට යන බස් රථයට නැග්ගට පස්සෙ බහින්න දීලා නෑ. බස් රථයේ අවසානයට ඉඳලා තියෙන්නෙත් ඇය පමණයි. බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයාගේ සහය ඇතිව, බස් රථය තුළ සිටි පුද්ගලයෙක් මේ ශිෂ්‍යාව බරපතල 'ලිංගික අපයෝජනයට' ලක් කරලා තියෙන්නෙ. රියදුරු කොන්දොස්තර මේකට ආධාර අනුබල දීලා තියනවා. තිර රෙදි පවා වසා තිබෙනවා. ශිෂ්‍යාව තමයි මේ බව අනාවරණය කළේ...'

'දැරිය මේ ගැන මවට කියලත් නෑ. පසුදින පාසලට ගිහිනුත් නෑ. පාසලේ ගුරුතුමිය හරහා තමයි මේ ගැන පොලිසියට දැනගන්න ලැබෙන්නෙ. අපි මේ සැකකරුන්ව අත්අඩංගුවට ගත්තා. ප්‍රධාන සැකකරුට අවුරුදු 23යි....' (පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගේ ප්‍රකාශය...)

මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන තවත් සටහනක් පහතින් බලන්න...

'බොරුවට අත්තටු තියෙනවා කියලා අහලා තිබ්බට අද තමයි දැක්කේ. ඊයෙ පෙරේදා ඉඳන් news එකක් යනවා බස් එකක පාසැල් ශිෂ්‍යාවක් සමූහ දූශනය කරලා කියලා. ඒ news එක දැක්ක ගමන් කාටත් කම්පනයක් ඇතිවෙන එක සාධාරණයි. මං දැක්කා මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් ඒක share කරලා තිබුණා. --- එකෙනුත් ඒ news එක උස්සලා තිබ්බා.

ඒ news එකේ තිබුණේ බස් එකේ රියදුරු, කොන්දොස්තර සමඟ තවත් පුද්ගලයෙක් පාසැල් දැරියක්ව සමූහ දූෂණයට ලක් කරපු කතාවක්.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිවුව විදියටනම් එක් පුද්ගලයෙක් එම දැරිවියව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, ධාවනය වූ බසයේ රියදුරු හා කොන්දොස්තර දොර හා ජනෙල් වසා එයට අනුබල දුන් බවත් ය.

ඇත්තම ඇත්ත කතාව මොකක් වෙන්න ඇත්ද?

හොයලා බලනකොට මට දැනගන්න ලැබුණු විදියටනං සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

"මේ ශිෂ්‍යාව පාසැල් ඇරී පුරුදු විදියට ඇයගේ පෙම්වතා සමඟ බසයට ගොඩවී පිටුපස අසුනේ මුල්ලකට වන්නට වාඩි වී තිබෙනවා. බසයේ ගමනාන්තයට කිලෝමීටර් කීපයක් මෙපිටින් තාර පාර අවසන් වී බොරළු පාර පටන් ගන්නා බැවින් බසය දූවිල්ලෙන් පිරෙන නිසා කොන්දොස්තර පැමිණ පිටුපස දොර හා ජනෙල් සියල්ල වසා තිබෙනවා. එවිට තැන් තැන් වල වාඩි වී සිටින මගීන් පුරුද්දක් විදියට ඉදිරිපස දොරට කිට්ටු ආසන වල වාඩි වෙනවා බහින්න ලේසි වෙන්න. නමුත් මේ ජෝඩුව ඉදිරිපස අසුනකට පැමිණ නැත. බසය දැරියගේ නිවස පසුකර ගමනාන්තයට ගොස් හරවා නැවත කුරුණෑගල දෙසට පැමිණෙන අතරතුරදීයි ඇය නිවස අසලින් බැස ඇත්තේ. මෙය පුරුද්දක් විදියට නිතර සිද්ධ වෙන දෙයක්ලු"

අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඔය වයසෙදි කොල්ලො කෙල්ලො කරන දේවල්.. අපිත් ඔය වයස පහු කරපු උන්..

මේ දැරිවිය පෙම්වතා සමඟ බසය තුල සිදු වූ දේ සිය මවට කියා නැත. කියන්නත් බෑනේ. පසුවදා පාසැල් ගොස් නැත. ඊටත් පසු දින පාසැල් ගොස් මිතුරියන් සමඟ පෙම්වතාගේ විස්තර පැවසීමෙන් පසු පංතිභාර ගුරුතුමියට ආරංචි වීමෙන් ඇය කලබල වී විදුහල්පතිතුමාට දැන්වීමෙන් පසු එම සිද්ධියේ අවසානය, මේ ආකාරයට සිදු වී ඇත. ඔන්න ඕකයි සිද්ධිය..' (සමාජ මාධ්‍ය සටහනක්...)

වරද දැරියගේද? දෙමව්පියන්ගේද? කාගේද?

අදත් හෙටත්.... මතුවටත් මේ 'දූපත්වාසීහූ' ලිංගික අධ්‍යාපනයක් යන 'නාමයක්' නොදන්නා කලෙක මේ සිදුවීම් 'සාමාන්‍ය' හා 'දිනපතා' අහන්න දකින්න ලැබෙන සිදුවීම් වීම පුදුමයක් නොවේ. තමන්ගේ 'අඟපසඟ' තමන් සන්තක දේ කියාවත් නොතේරෙන පුංචි 'දැරිවියන්' තම නොවැඩුණු 'පියයුරු' පවා බස් රථ තුළ 'නාඳුනන්නන්' ඉදිරියේ නිරාවරණය කරන්නෙ ඒ 'හාංකවිසියක්' නොතේරෙන නිසයි.

'ලිංගිකත්වය' බරපතල දෙයක් ඝනයේ ලා නොසැළකෙන තැන සිය 'ශරීරය' පිරිමදින පියා පවා ඒ දේ කරන්නෙ 'ආදරය නිසා' බැව් සිතන දැරියන් මේ 'දූපතේ' සිටිනා බැව් ඔබ විශ්වාස කරනවාද? දිනපතා සිය 'බාප්පා'ට හෝ 'මාමා'ට ශරීරය 'පුද පූජා' කරන බොහෝ ළදැරියන් එයින් 'ආශ්වාදය' අත්විඳින්නට පවා පෙළඹී ඇති බැව් දන්නවාද? දෙම්පියන් ඔවුන් 'අත්හළ' දැමූ කල 'සිතැඟි' කියන්නට 'අත්හදා' බැලුම් කරන්නට කිසිවෙකු නොමැති තැන ඔවුන්ගේ 'ජීවිතය' මෙසේ 'අස්සක මුල්ලක' දිය කර හරින්නට සිදුවීම කොයි තරම් නම් ඛේදජනකද?

ඉතින් මින් එහා..... මෙවැනි 'පවිටු දේ' වලින් පත්තර පිටු පුරවන්න හෝ කලින්.... සිතා බැලිය යුතු නොවේද?

(ප.ලි. හතේ පොතේ ප්‍රමාදය මේ සියල්ලටම හේතු වූවාද නොදනිමි...)
 
gossip lanka