gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියල්ලන් බලා සිටියදී මහ දවාලේ බලහත්කාරයෙන් පැහැරගෙන ගිය තරුණිය හමුවෙයි... පැහැර ගෙන ගියේ ජ්‍යෝතීෂවේදියෙක් (VIDEO)

හොරණ ආපනශාලාවක දි රූමත් තරුණියක පැහැරගත්  ජ්‍යෝතීෂවේදියෙකු  ඇතුළු තිදෙනෙකු පැය දෙකයි විනාඩි 35ක් වැනි ඉතා සුළු කාලයක් තුළදී අත්අඩංගුවට  ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසනවා.

අත්අඩංගුවට පත් වූවන් අතර තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ බව කියන පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා මෙන්ම නැන්දනිය වන බව පොලිසිය කියයි.

තරුණිය පැහැරගැනීමට යොදාගත් කුලි මෝටර් රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.

සිසිල් බීම බෝතලයක් පානය කරමින් සිටී රූමත් තරුණියක මෝටර් රථයකින් පැමිණි තිදෙනකු විසින් පැහැරගෙන ගිය බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාට ලද තොරතුරකට අනුව වහා ක්රියාත්මක වූ ඒ මහතා එම හෝටලය වෙත පැමිණ සිදුකළ මූලික විමර්ශනවල දී මෝටර් රථය ඉංගිරිය දෙසට පලා ගිය බවට අනාවරණය වී තිබිණි.

අනතුරුව එම තරුණිය රැඳී සිටී මේසය මත එම තරුණිය රැගෙන ආ අත්බෑගය , ජංගම දුරකථනය තිබී පොලිසිය මගින් සොයා ගැනීණ.

එහි තිබූ අත් බෑගය පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබූ විදේශ ගමන් බලපත්ර්යේ සඳහන් ලිපිනය ඔස්සේ ඇය බණ්ඩාරගම කොතලාවල ප්රෑදේශයේ තරුණියක් බවට හඳුනාගත් ස්ථානාධිපතිවරයා එම ලිපිනය ඔස්සේ ඇයගේ නිවස සොයා ගොස් ඇය පිළිබඳ තොරතුරු මවගෙන් විමසු බව පොලිසිය කියයි.

සිය දියණිය වසර 17 ක් තිස්සේ බණ්ඩාරගම ප්ර්දේශයේ ම තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා මීට මාස කීපයකට ඉහත දී එය නවතා දැමූ බවත් ඉන් අනතුරුව එම පුද්ගලයා ගෙන් බලපෑම් එල්ල වීමට වූයෙන් ඇයව බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රෙද්ශයේ ඥාති නිවසක සුරක්ෂිතව නවාතැන් ලබා දීමට කටයුතු කළ බවත් පවසා තිබිණි.

තරුණියගේ මව ගේ ප්රේකාශ අනුව තරුණිය හා පෙම් සබඳතාවය පැවැත්වූ පුද්ගලයාගේ නිවස සොයා ගිය පොලිසියට එම නිවස වසා තිබෙන අයුරු දක්නට ලැබී ඇත.

තරුණිය පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්රමදේශයේ නිවසක තිබෙන බවට ලද තොරතුරක් අනුව පොලිසිය එම නිවස වටලා සිදුකළ සිදු කළ පරික්ෂාවේදී පැහැර ගැනීමට ලක් වූ තරුණිය සහ පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පැහැර ගත් තරුණිය සැකකරු රඳවාගෙන තබාගෙන ඇත්තේ ද ඥාති නිවසක බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka