gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මේ සියල්ලම පසුපස විශාල ශක්තියක් වෙලා ඇය ඉන්නවා. ඉතින් ඇය තමයි සුදුසුම කෙනා කියලා හිතනවා...'' - දිනක්ෂි අතින් ගත් සම්මානය ගැන සාරංග කියන කතාව

පහුගිය දවසක පැවති සම්මාන උලෙළක හරි අපූරු සිදුවීමක් දකින්න ලැබුණා.

බිරිඳගෙන් සැමියාට සම්මානයක් !!

මේ සැමියයි බිරිඳයි ඔබ හොඳින්ම හඳුනන දෙන්නෙක්.

සාරංග - දිනක්ෂි...

දිනක්ෂි අතින් සම්මානය ගන්න ලැබීම පෞද්ගලික ජීවිතේත්, වෘත්තීය ජීවිතයේත් සාරංගට සුවිශේෂී කරුණක් වූවාට සැක නෑ...

''ඒ වෙලාවේ වේදිකාවේ සිටිය පූර්ණිකා සහ ධනංජයත් කිව්වේ ඉතිහාසයේ පළමු වතාවට. වෙන්න ඇති එහෙම දෙයක් වුණේ කියලා.

දිනක්ෂිව වේදිකාවට ගෙන්නුවම මම හිතුවා මට ඒ සම්මානය නොලැබෙන නිසයි ඇයව වේදිකාවට කැඳෙව්වෙ කියලා.

ඉතින් සම්මානය ගැන අමතක කරලයි මම හිටියේ.

දිනක්ෂිගේ අතින් සම්මානය ගන්න ලැබීම. අහම්බයක් වෙලා හෝ එය සිදුවීම ගැන සතුටුයි.

මොකද මේ සියල්ලම පසුපස විශාල ශක්තියක් වෙලා ඇය සිටිනවා.

ඉතිං ඇය තමයි සුදුසුම කෙනා කියලා සිතනවා...''

සාරංග ඒ අත්දැකීම ගැන එහෙම කියනකොට තමන් අතින්ම සැමියාට සම්මානයක් දෙන්න ලැබීම ගැන දිනක්ෂි කියන්නෙ මෙහෙම කතාවක්

''මමත් ඒ වගේ සිටුවේෂන් එකකට මුහුණ දුන්නේ පළමුවැනි වතාවට.

මමයි එයයි දෙන්නම බලාපොරොත්තු වුණේ නැහැ සම්මානය ලැබෙයි කියලා.

සාරංගගේ නම කියද්දී මට ඉන්නේ කොහෙද කියලත් අමතක වුණා. මම එක පාරටම කෑ ගැහුවා.

සාරංග ගත්තොත් හැමදේටම දක්ෂ, තමන් සම්බන්ධ වෙන සියල්ලටම සියයට දාහක් තමන්ගේ කැපවීම ලබා දෙන කෙනෙක්.

මම හිතන්නේ ඔහුගේ සාර්ථකත්වයටත් හේතුව ඒක.

ඉතින් ඒ කැපවීමට ඇගයීමක් විධියට සම්මානය ලැබීම ඇත්තටම සතුටුයි.

ඒක එස්.එම්.එස්.වලින්ද ලැබුණේ, ජූරියකින්ද ලැබුණේ කියන එක අදාළ නැහැ. ඇගයීමම වටිනා දෙයක්.''

(උපුටාගැනීම් අක්ෂි මාපා වීරසිංහ - හදගැස්ම)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka