gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මගේ අප්පච්චිට සවිකරලා තිබුණේ අපේ සල්ලිවලින් ගත්තු VENTILATOR මැෂින් එකක්’ - අවසාන මොහොතේ සජිත අතහැරියේ EMOTIONAL බෝම්බයක්ද?

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි ය වෙනුවෙන් ස්තුති කතාව සිදු කරනු ලැබුවේ ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වන සජිත අනුත්තර විසිනුයි.

මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා අභාවප්‍රප්තවූ සිය පියාට ශ්වසන පහසුකම් ලබාදීම වෙනුවෙන් සවිකර තිබුණේ තම පවුල විසින් පෞද්ගලිකව පරිත්‍යාග කළ ආධාරක යන්ත්‍රක් බව ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත අනුත්තර අනාවරණය කළා.

“දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතියක් උල්ලංඝනය කරමින් අපේ අප්පච්චි රෝහල්ගත වෙලා හිටියෙ නෑ. අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියෙ. දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10ක් 15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි කියලා. මේ දක්වා ඒ ගැන නොකිය හිටියේ පින් කරල අඩ බෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා.”

මේ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

බොහෝ දෙනෙක් සඳහන් කළේ සජිත ඇන්තනී මේ ඇත්ත සමාජයට කියන්න ප්‍රමාද වූවා වැඩියි කියලයි.

ඒ කොහොම වුණත් මුහුණු පොතේ හරි රහට ලියන ප්‍රමිත් ගනේආරච්චි හරි අපූරු සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

අවසාන මොහොතේ සජිත අතෑරපු Emotional බෝම්බය එක්ක හැමෝටම කියවෙන්නැති “ඇයි දෙයියනේ ඕක කියන්න මෙච්චරකල් හිටියෙ?” කියලා.

හැබැයි ඒ කතාව අහපු වෙලාවෙ ඉඳන් මට හිතෙනවා ඒක කියන්න හොඳම වෙලාවෙ තමයි සජිත ඒ කතාව කිව්වෙ කියලා.

ජැක්සන් කියන්නෙ කොහොමටවත් රටට ණය මිනිහෙක් නෙවෙයි.

ජැක්සන් කියන්නෙ හැමදාම නිර්මාණශීලි දේවල් කරපු මිනිහෙක්.

හැබැයි කවුරුවත් හිතුවෙ නැහැ ජැක්සන් හුස්ම ගන්න එක නැවැත්තුවට පස්සෙ සදහටම යන ගමනත් මෙහෙම සමාජ කම්පනයක් ඇති කරලා යයි කියලා.

මම එදත් හිතපු සහ අදත් හිතන දෙයක් තමයි ජැක්සන් ගෙ ICU ඇඳ ගැන ලොකුම කැක්කුම තිබුණ අයගෙ බහුතරයකට තිබුණේ ඒ ඇඳ ජැක්සන් වෙනුවෙන් වෙන්වීම නිසා තව කෙනෙක්ගෙ ජීවිතයක් බේර ගන්න තියෙන අවස්ථාව අහිමි වීමක් විය හැකිව තිබීමකට වඩා ඔහු සමඟ තිබුණු දේශපාලන ඇරියස් එකක්.

ඒ දේශපාලන ඇරියස් එකට ඔහු ශ්‍රී ලාංකේය සමාජයට කරපු සමාජ සංස්කෘතික මැදිහත්වීමේ විශාලත්වය ගැන තියෙන සංස්කෘතික ඇරියස් එකත් එකතු වුණාම ඔහු භෞතිකව නිහඬ වීම ඔවුන්ගේ පාර්ශවයෙන් විශාල ජයග්‍රහණයක්.

ජැක්සන්ගෙ මිනිය වළලන්නත් කලින් “ජැක්සන් මතවාදය” පරාජය කරන්න ඕන වගේ අදහස් සමහර තැනක ලියවෙලා තිබුණා මම දැක්කා.

එහෙම හිතන අයට ජැක්සන් කියන අති දක්ෂ අසාමාන්‍ය සන්නිවේදකයා හුස්ම ගන්න බිමක ඒ වැඩේ කරනවට වඩා ජැක්සන් නැති බිමක ඒ වැඩේ කරන එක පහසුයි කියලා සැනසීමක් ඇති.

මම කියන්නෙ නැහැ ඔය පහුගිය ටිකේ ජැක්සන් ට බැනපු හැමෝම මේ ගැඹුරු මහප්‍රාණ අර්ථයෙන් ජැක්සන්ගෙ මැෂිම ගලවන්න දැඟළුවා කියලා. මම මේ කියන්නෙ මේ මතය මුලින්ම සමාජගත කරපු අය ගැන. අනිත් ඕනෑම මාතෘකාවක වෙනවා වගේම එතනින් පස්සෙ ඒ නිර්මාණය කරපු මතය යම් කණ්ඩායමක් කරේ තියන් දුවපු එක තමයි වුණේ.

කොහොමහරි අවසාන මොහොතේ ඇඳ ගැන කතාව එළියට ආවම තාමත් සමහරු එහෙනම් ඉතින් ඇඳ ගෙදර තියන් ඉන්න තිබ්බනෙ. hospital එකේ පහසුකම් විඳ විඳ ICU එකේ හිටිය ඇයි කියලා වගෙ ප්‍රශ්නත් අහලා තිබුණා දැක්කා.

මං අහන්නෙ මෙච්චරයි.

ඒ මනුස්සයා දැන් මහ පොළොවට එකතු වෙලත් ඉවරයි.

තවත් මොකක්ද බං උඹලට ඒ මනුස්සයා එක්ක ඔය තරම් තියෙන තරහ..?

උඹලට මොකක්ද ඒ මනුස්සයා ඔය තරම්ම කරපු වැරැද්ද..??
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka