gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහාම රටින් පිටවෙන්න... අරුගම්බේ සිටි ඊශ්‍රායල් කතුන් දෙදෙනකුට පාට් එකක් දාලා!

පොතුවිල් අරුගම්බේ සංචාරක කලාපයේ සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවන් දෙදෙනකුට වහාමරටින් පිටව යන ලෙස තර්ජනය කර පහර දීමට තැත් කළේ යැයි කියන විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු පසුගිය  (10) අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි.
 
සැකකරු පොතුවිල් රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර, ඔහු බීමතින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේ යැයි පොලිසිය පවසයි. 
 
ඊශ්‍රායල් ජාතික කාන්තාවන් දෙදෙනා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 'තොපි දෙන්නා වහාම රටෙන් පිටවෙලා පලායල්ලා යැයි කියමින් සැකකරු ඔවුනට බැණ වැදී පහර දීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (11) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka