මේ දවස්වල රටම කතා වෙන බියගම සිද්ධිය ගැන ඊයේ අලුත්ම කතාවක් ඇහුණා...
ඒ ඊට අදාල සැකකාර ව්‍යාපාරිකයා ඊයේ පොලීසියට භාරවීමත් සමගයි...
ගෙල කපා අනතුරුව දෑත් සිරුරින් වෙන් කර ඝාතනය කළ මුල්ලේරියාවේ පදිංචි ප්‍රදීපා ද සිල්වා නම් කාන්තාවගේ ඝාතනය, පොලිසියට භාර වූ ව්‍යාපාරිකයා සහ කපුවාගේ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූවක් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
ගෙල කපා කාන්තාව ඝාතනය කර පසුව හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේ ද මෙම කපුවා විසින් බව ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
බියගම කොට්ටුන්න වැවේ තිබී අත් සහ හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් සැක කෙරුණු ව්‍යාපාරිකයා නීතිඥයින් මාර්ගයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයට ඊයේ භාර වුණා.
පොලිසිය පැවසුවේ මෙම අපරාධයට ඔහුට සහාය වූ කපුවෙකු ද පොලිසියට භාර වූ බවයි.
ඔවුන් කාන්තාවගේ මළ සිරුර ප්‍රවාහනය කළ මෝටර් රථය ද නුවරඑළිය ප්‍රදේශයේ විහාරස්ථානයක දමා ගොස් තිබියදී සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කපුවා සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි වශී ගුරුකම් සහ නිධන් කැණීමෙහි නිරතවූ වී සිටි පුද්ගලයෙක් බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අනියම් සම්බන්ධතාවය පවත්වන කාන්තාවගෙන් තමන්ට කරදර ඇති බව ව්‍යාපාරිකයා විසින් මෙම කපුවා සමඟ පැවසු විට කාන්තාව රැගෙන එන ලෙසත් ඇයව මරා සඟවා තැබීමේ වගකීම තමන් භාරගන්නා බවත් ව්‍යාපාරිකයාට සහතික වී ඇත්තේ මෙම කපුවා විසින් බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
ව්‍යාපාරිකයා විසින් අදාළ කාන්තාවට නිවාස සහ දේපල රැගෙන දී ඇත් බවත්, එම දේපල කූලී පදනම මත ලබා දී ඇය මාසිකව ආදායමක් ලැබූ බවත් හෙලී වී තිබෙනවා.
ඒ අනුව මෙම කාන්තාව කතා කරගෙන කපුවාගේ සැලසුමට අනුව ඇයව අපරාධ ස්ථානයට රැගෙන පැමිණි විට ගෙල කපා කාන්තාව ඝාතනය කර ඇත්තේත්, පසුව හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේත් මෙම කපුවා බවටයි අදාළ ව්‍යාපාරිකයා පාපොච්චාරණය කර තිබෙන්නේ.
කපුවාගේ සැලසුමට අනුව මෙම ව්‍යාපාරිකයා විසින් කඩුවෙල ප්‍රසිද්ධ අවන්හලක් වෙත කැඳවා පසුව සිය මෝටර් රථයෙන් ඝාතනය සිදු කෙරුණු ස්ථානය වන සිය පාළු නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවත් හෙලි වි තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි.