gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"තම දියණිය, හොර පෙම්වතාගේ අතට දුන් මව ඔහුට ඇප දෙන්න උසාවියටත් ගිහින්..." වයස 13ක සිසුවියක් ගැබිනියක් වුණ මැල්සිරිපුර කැලඹූ කතාව මෙන්න

කියන්න යන්නේ තවත් එක ඛේදනීය කතාවක්... තමගේම දරුවාට මෙහෙම කරන්න අම්මෙකුට පුළුවන්ද..?

මෙන්න බලන්නකෝ මේ කතාව... මේ පුවත වර්තා වෙන්නේ මැල්සිරිපුර ප්‍රදේශයෙන්...

අවුරුදු දහතුනක් වයසැති ලාබාල දැරියක් මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත් කිරීමේ පුවතක් වාර්තා වෙනවා... මේ චෝදනාවක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පසුගිය දවසක නියම කෙරුවා...
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළ අය අතර වරකාපොල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින ප්‍රසන්න රත්නායක නමැති 32 හැවිරිදි විවාහකයෙකු ඇතුළත්...

මැල්සිරිපුර පහමුණ ප්‍රදේශයේ පදිංචිව සිටින මේ දැරිවිය අපයෝජනයට ලක් කර ඇත්තේ බර වාහන රියැදුරෙකු වන තම පියාගේ සහායට සිටි පුද්ගලයා විසින් බවද අනාවරණයවී තිබෙනවා...

එසේම පියා සමඟ පවත්වන හිතවත්කම මත නිතරම ඔවුන්ගේ නිවසට පැමිණ ඇති මෙම සැකකරු පියාට හොරෙන් දැරියගේ මව සමග වසර තුනකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරියගේ පියා කැළණිය ප්‍රදේශයේ රැකියාව කරන අතරඅතරවාරයේදී මොහු නිවසට පැමිණ නිතරම මෙම නිවසේ රැඳෙමින් කාලය ගත කර ඇති බවද අනාවරණය වී ඇති බවටයි දැක්වෙන්නේ...

ඒ අතරවාරයේදී මවගේ කැමැත්තද ඇතිව සැකකරු එම නිවසේදී දැරිවියට අවස්ථා ගණනාවකදීම අතවර කර ඇති අතර ඒ හේතුවෙන් ඇය ගැබිනියක බවට පත්ව තිබුණා...

පසුව දැරිය මේ බව තම පියාට දැන්වීමෙන් අනතුරුව පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ මැල්සිරිපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

පොලිස් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප දීමේ අරමුණින් දැරියගේ මවද අධිකරණය වෙත පැමිණ සිටීමද විශේෂත්වයක්..

අධිකරණ නියෝගයකට අනුව මේවනවිට මාස පහක ගැබිණියකව සිටින දැරිය ගල්ගමුව ප්‍රදේශයේ ළමා නිවාසයකට පරිවාස දෙපාර්තමේන්තුව මගින් යොමු කර ඇති අතර දැනට එහිදී ඇයට ඇතිවූ යම්කිසි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මේවනවිට තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර සිටී.

මවගේ අනුදැනුම මත නිවසේදීම මවගේ අනියම් පෙම්වතා අවස්ථා ගණනාවකදීම තමන් අපයෝජනයට ලක් කළ බවද මේ හේතුවෙන් නවවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා අතරමඟදී නැවැත්වීමට සිදුවූබවද එම දැරිය පොලීසියටපවසා ඇත.

එසේම මේ ආකාරයට කරන ලද අතවර සිදුවීම් තම බාල සොයුරා සහ සොයුරියද දැන සිටි බවද ලැජ්ජාව සහ මවගේ තර්ජන හේතුවෙන් මේ සිදුවීම් කිසිවෙකුටත් පැවසීමට නොහැකිව සිටි බවද ප්‍රකාශ කර ඇති දැරිය මෙම අතවර කිරීම් නවත්වන මෙන් අවස්ථා ගණනාවකදීම මවගෙන් ඉල්ලා සිටියද ඇය තම ඉල්ලීම් ගණනකට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka