gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දනුෂ්ක ගුණතිලක මාස 11කට පසුව දිවයිනට : ඔහුත් එක්ක ලංකාවට ආ තරුණිය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක මාස 11කට පසුව යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර එල්ල වූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් වන නඩුවෙන් නිවැරදිකරු බවට ඔප්පු වීමෙන් අනතුරුවයි.

එරට තරුණියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 06 වනදායි.

අත්අඩංගුවට ගත් ඔහුව රැඳවුම් නියෝග මත රඳවාගත් අතර ඉන් අනතුරුව අධිකරණය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරුණා.

මාස 11කට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය 28 වනදා ඔහු ව නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය කටයුතු කළේ.

අවසන් නඩු වාරය සඳහා දනුෂ්ක ගුණතිලක කාන්තාවක් සමඟ අධිකරණයට පැමිණ සිටි අතර ඇය ද ඔහු සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka