gossip lanka

පියුමි එයාගේ ලක්ෂ 65 බ්‍රෑන්ඩඩ් බෑග් එකෙන් මට ගහනවා කිවුවා! - හංසමාලි හා ප්‍රසිද්ධියේ ගැටුණු සුරූපිනිය

බුකියේ නිරන්තරයෙන් ඉහළ පහළ යන ඔබට 'චාන්‍යා හේරත්' කියන නම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඈ කොහොමත් 'සමාජ මාධ්‍ය' තුළ නිරන්තරයෙන් 'සැඩකුණාටු' හෝ ඉන් එහා 'කාලගුණික විපරියාස' ඇති කරන්නා වූ චරිතයක්.

'හෑලී ලියන්නියක්' විදිහට බොහෝමයක් උන් ඈව 'පතුරු ගැහුවා' වුණත්, ඒ 'හෑලි'වලින්ම ඈ කරපු 'වීර ක්‍රියා' නම් බො‌හෝමයි.

වතාවක්, ආන්දෝලනයට ලක් වූ 'ළමා ජාවාරමක්' පිළිබඳව තොරතුරු පළමුවරට හෙළි පෙහෙළි කරමින් ඒ 'සටන' දිගින් දිගටම ගෙන යන්න ඇය කටයුතු කර තිබුණා.

'ප්‍රියාන් මැණික්', 'පියුමි හංසමාලි' වැනි 'ප්‍රසිද්ධයි' කියන චරිත හා නිරන්තරයෙන් 'ගැටෙන' ඈ ඇගේ 'මතය' වෙනුවෙන් පෙනී ඉන්න බොහෝම 'නිර්භය කෙනෙක්' විදිහටත් බොහෝ දෙනා අතරේ පිළිගැනෙනවා.

පසුගිය සමයේ අත්අඩංගුවට පත් වූ 'ලසා' නම් 'සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවා'ගේ කෙරුවාව පවා මුලින්ම 'අනාවරණය' කරනු ලැබූවේත් ඇය විසින්.

මේ සියලු 'සැඩකුණාටු' ඇතිකිරීමේ ප්‍රතිඵල විදිහට 'ඈ' ගැන විපරම් කරන, ඈට 'අපහාස' හෝ 'අවමන්' කරන 'උන්'ද නැතුවාම නොවේ.

පසුගිය දවසක 'ඈ'  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'ඈ' ගැන 'කතාව' මේ විදිහට කිවුවා.

'කැමති අකැමැති දෙපිරිසම මට ඉන්නවා. ඒ දෙපිරිසෙම ප්‍රතිචාර ලැබෙනවා. අන්තිම වශයෙන් මගේ ලිවීම මම එන්ජෝයි කරනවා. මමම මගේ ලියන ඒවා කිහිප වතාවක් ම කියවනවා. ලියන එක මට අන්තිමට තෘප්තියක් වුණා. මගේ අමුතු භාෂාවත් එක්ක කියවන අය ගොඩක් වැඩිවුණා.....'

'චාන්‍යා' ඇගේ 'තරහාකාරයෝ' ගැන කිවුවේ මෙහෙම කතාවක්...

'තරහාකාරයෝ කියන්නෙ මෙහෙමයි. අපිට කැමති මිනිස්සු වගේම අකැමැති මිනිස්සුත් ඉන්නවා. සමහරු ඉන්නවා එකඟ නොවුණත්..... අන්යන්ගේ මතයට ගරු කරන අය. නමුත් සමහර අය ඒක බොහෝම පෞද්ගලිකව ගන්නවා.....'

     


   
මොකද්ද එතකොට, 'පියුමි' එක්කලා 'චාන්‍යා'ගේ තියෙනවා කියන 'කෝන්තරය'? මේ ඒ ගැන ඈ කියපු කතාව.

'පියුමි කියන්නෙ සෝශල් මීඩියාවල ක්යීන්... එකම සිද්ධිය පටන් ගත්ත විදිහ මම කියන්නම්. පියුමි සතෙක් නිදහස් කරපු පෝස්ට් එකක් හැමතැනම ශෙයා වුණා උපහාසාත්මක වදන් එක්ක. මමත් ඒක පෝස්ට් කළා, උපහාසාත්මක විදිහට. සතෙක් නිදහස් කරන එක අවුලක් නෑ. නමුත් එයා ඒකට භාවිතා කරපු භාෂාව උපාහාසයක් ඇති කළා. පස්සෙ පියුමි මට මිතුරු ඇරයුමක් දැම්මා. මම ඒක ආදරෙන් භාරගත්තා. පස්සෙ ඇය මට කෝල් කරලා තිබුණා. මම ආන්සර් කළේ නෑ. පස්සෙ ඇය දීර්ඝ මැසේජ් එවලා තිබුණා. එයා සතුන් වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා කියලා. අවංකම කතාව අපි 75,000ක් දීලා සතෙක් නිදහස් කළාම ඒ මුදලින් තව දෙන්නෙක් එතැනට එනවා. මම කරන්න එපා කියනවා නෙවෙයි. නමුත් ඇත්ත ඒක...'

      


      


'ඇය මගේ ගිණුමේ මාස 4ක් 5ක් හිටියා. මට එයාගේ කෝල් නම් මිස් වුණා. ආසන්නම සිද්ධිය ජැක්සන් ඇන්තනීගේ අයිසීයූ බෙඩ් එක සම්බන්ධව මම ලියපු පෝස්ට් එකක්. එතුමාට අපි ආදරෙයි...... එතනත් මුකුත් පියුමි කිවුවේ නෑ. නමුත් ජැක්සන් මහත්මයා මියගියාට පස්සෙ මම නිවන් සුව ප්‍රාර්ථනා කළා. මම හිතන් නෑ ඒ දෙකේම වරදක් තියෙනවා කියලා. පස්සෙ ඒ දෙකම එකට අලවලා පියුමි පෝස්ට් එකක් දාලා මට ශාප කරලා තිබ්බා, කුණු වෙලා පණුවෝ ගහන්න ඔිනි කියලා. ස්ටෝරිස්වල පෝස්ට්වල ඔය විදිහට පළ කරලා තිබුණා. මම ඇත්තටම ඒක ගණන් ගත්තෙ නැහැ. ඒක ඇයගේ අදහසනේ. නමුත්...... ඇය ස්ටෝරිස්වල බොහෝම අපහාසාත්මක දේ පළකරලා තිබුණා. එතුමියගේ ලක්ෂ 65 බ්‍රෑන්ඩඩ් බෑග් එකෙන් මට ගහනවා කියලත් දාලා තිබුණා. මට ඇත්තටම ඉවසීමේ සීමාවක් තියනවා. ඇත්තටම ක්‍රීම් විකුණලා එතුමිය කොච්චර සමාජ සේවයක්ද කරන්නෙ.. ඇය ඇගේ කතාව දවසක කියන්න ඔිනි. කොහොමද මෙච්චර ඉක්මනට ඉහළට ගියේ කියලා.....'
 
- මොනරා 



gossip lanka