gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොයි තරම් කාලයක් මල්ලිවයි ඔයාවයි තුරුළු කරන් තනියම හිටියද? - අවසානයේ සඵල වූ සමිතා මුදුන්කොටුවගේ බලාපොරොත්තුව!

සමිතා මුදුන්කොටුව'... ඒ ඈ.... 'ලස්සන කටහඬක' අයිතිකාරිය. ඈ ගැන මේ කතාවත් 'ලස්සන' කතාවක්.

'සමිතා' ඇගේ ජීවිතේ බොහෝමක් 'කෝන්තර' ප්‍රසිද්ධියේ කියවන්න ගත්ත කෙනෙක් නෙවෙයි. ඒත් බොහෝම ඉක්මණින් ඈට ප්‍රිය 'රසික සමාගම' ඇගේ 'දික්කාසද ප්‍රවෘත්තිය' ගැන දැනුවත් වුණා.

අනතුරුව, ඈ 'දුවෙක් සහ පුතෙක්'ව තුරුළු කරගත්ත 'දිරියවන්ත අම්මෙක්' වුණා. ක්ෂේත්‍රයේම 'අයවුන්' පවා 'මඩ' ගහනකොට ඈ බොහෝ නිසෝල්මනේ ඒ සියල්ල විඳ දරාගත්තා. (අවසානයේ ඈ ඇයට 'හරියනම' කෙනා හොයාගත්තා...)

සමිතා' ඇත්තටම ජීවිතේ විඳින්න ගන්නෙ 'චිරන්ත' ආවට පස්සෙ. වෙනදාටත් වඩා 'දීප්තියෙන්' බැබලුණු ඈ සමාජ මාධ්‍ය තුළත් බොහෝම 'සක්‍රීය චරිතයක්' වෙනවා. ඇගේ රසිකයින් ඇගේ 'යූටියුබ්' නාලිකාව පවා 'සුපුරුදු නැවතුමක්' බවට පත් කරගන්නවා.

සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි. 'කවී' කියන්නෙත් ඇයට ම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් කෙනෙක්. ජනප්‍රිය 'ගායක පුතෙක්' හා 'පෙම් පළහිලව්වක්' තිබුණා වුණත් බොහෝම ඉක්මණින් ඒ සම්බන්ධයත් 'නැති භංගස්ථාන' වෙනවා.

'කවමදාවත් විවාහ වෙන්නෙ නෑ' කියලා 'තීන්දු කළා' වුණත් අවසානයේ 'කවී'ට ඇගෙ 'ගැළවුම්කරුවා' මුණ ගැහෙනවා.

ඒ 'ගැළවුම්කරුවා'ගේ ආගමනය ගැන 'සමිතා' පළමුවරට ඇගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කරලා තිබුණා.

'මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා! කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ ආරක්ෂා කරගෙන තනියම ජීවත් උනාද! අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා.. ඒත් අම්මි ජීවත් වෙලා ඉන්න තාක්කල් පණ වගේ ඔයාලව මම බලාගන්නවා.. හැමදාටම මගේ දුවට දනිදු පුතා එක්ක සතුටින්ම ඉන්න ලැබේවා.. මගේ රත්තරන් දුවට බුදුසරණයි'

ඇගේ මේ විශේෂ සටහනට හේතුව වුණේ 'කාවින්ද්‍යා' යුගදිවි ගමන් ඇරඹීම. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් දැන් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka