gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල්වලා ගගේ ගංවතුරක් ගැන රතු නිවේදන නිකුත් කරයි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර දකුණ සහ සබරගමුව යන පළාත් සදහා මිලිමීටර් 100 ය ඉක්ම වු වර්ෂාපතනයක් ලැබේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

මේ අනුව මේ වන විටත් පිටාර මට්ටමේ පවතින නිල්වලා ගංගාව  ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් පවතින බැවින් නිල්වලා ගංගා ජල පෝශක ප්‍රදේශයට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් ඇතිවුව හොත් නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් සදහා ගංවතුර  අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනයේ සදහාන් වේ.

එබැවින් නිල්වලා ගංගාව ආශ්‍රිත පහත් නිම්නයේ පදිංචි ජනතාව මේ පිළිබදව දැඩි අවදානයක් යොමු කරන මෙන් කාරුණික ඉල්ලා සිටින අතර යම් ආපදා තත්වයක් පිළිබදව තොරතුරු වීමසීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ලබා ගත හැකිය.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09 කට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙලුව, කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම, මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස සහ පිටබැද්දර,  රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, කලවාන, ඇලපාත සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නායයාම් අවදානම්  කලාප සදහා දෙවැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම  නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

DMC
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka