gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මම බැලුවා කණ්ණාඩියෙන්, එතකොට ඇලවෙනවා මෙහෙම... එකපාරම!' 'හුළඟක්වත් තිබ්බේ නෑ, නිකන්ම වැටුණේ..': ජීවිත 5ක් අහිමි වූ කොල්ලුපිටියේ අනතුර ගැන, රියදුරාගේ හෙළිදරවුව! නුදුටු සීසීටීවී දර්ශනත් එළියට

ඒ හැමෝම මෙහේ ආවේ 'හීන' එක්ක. ඒත්... ඒ හැම 'හීනයක්'ම සුනුවිසුනු කිරීමේ 'බලාපොරොත්තුව' ඇතිව 'මාරාන්තික ප්‍රහාරකයෙක්' මඟ බලාගෙන හිටියා. (හිතන්නවත් මොහොතක් නොදී ඒ මරුවා ජීවිත ගෙනිහින් තිබුණා...)

අනතුර වුණේ 'කොල්ලුපිටිය ඩුප්ලිකේෂන්' මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී.

ඒ 'අනතුර' ජීවිත 5ක් අහිමි කොට තිබුණා. අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් මේ වන විටත් 'රෝහල්ගතව' ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

ඒ වෙනකන් 'ගස් ගල්වලට' කවි සී පද ලියූ බොහෝමයක් උන් දැන් 'ඇස්' අරින්න පටන් අරන් තියනවා. මේ මොහොතෙත් 'අනතුරුදායක' මරුවන් 'වහා ඉවත්කරන්න' වග කිව යුත්තන් උපදෙස් දීලා තියනවා.

සද්දයක් ඇහුණා, අපි හිතුවේ ඇක්සිඩන්ට් එකක් කියලා. හුළඟක්වත් තිබ්බේ නෑ. නිකන්ම තමයි ගහ කඩන් වැටුණේ. අට දෙනෙක් සම්පූර්ණයෙන් හිරවෙලා හිටියා....' (ඒ අනතුර ඇසින් දුටූවන් කියන කතා...)

'මේ ගහ ඇලවෙලා තිබුණේ.. කවුරුත් බැලුවේ නෑනේ මේක...'

බස් රථයේ 'රියදුරු මහතා' ප්‍රකාශ කරලා තියෙන්නෙ 'බස්රථයේ' අනතුර යන්තම් ඇස ගැටුණා වුණත් ඒ 'ක්ෂණික ප්‍රහාරය' වළක්වන්න තරම් 'කාලයක්' නැතිවුණා කියලයි.

'මම බැලුවා කණ්ඩියෙන්, එතකොට ඇලවෙනවා මෙහෙම...'

'ටිකට් 26ක් කැඩුවා. තව 10ක් හිටියා. හෝල්ට් එකේ විනාඩියක්වත් හිටියේ නෑ...' (මේ කොන්දොස්තවරයා කියන කතාව....)

'අනතුර' වෙනුවෙන් 'වන්දි මුදල්' දෙන්න කටයුතු කළා වුණත්, ආයෙම ඒ 'ජීවිත' උපද්දවන්න පුළුවන් වෙයිද?

'ඇලවෙලා' තිබුණු මහා විශාල ගහ 'අනතුරුදායක' බැව් 'බලධාරින්ගේ' ඇස නොගැටුණාද? නොදුටුව සේ නොතකා හැරියාද?

'ගෙදරින් එන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන ද ?? මේ බස් එක ඇතුලේ මැරුන මිනිස්සු දන්නේ උදේ එලියට ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි කියලා. ඒ මිනිස්සුන්ගේ පවුලේ මිනිස්සු දන්නේ නැහැ මේ යන්නේ අවසාන ගමන කියලා. ඒ මිනිස්සුන්ට මොන තරම් හීන බලාපොරොත්තු තියෙන්න ඇතිද. රැස් කර ගත්ත දේවල් කොච්චර තියෙන්න ඇතිද. ඒ හැමදේම එක මොහොතින් දාලා යන්න වුනා. ජීවිතය තියෙන්නේ එක හුස්මක් එක්ක. රණ්ඩු වෙලා තරහා වෙලා අයින් වෙලා ඉන්න කාලයක් නැහැ. ආදරය කරන්න ලඟ ඉන්න මිනිස්සුන්ට....!' (උපුටා ගැනීම සමාජ මාධ්‍යයෙන්...)

අනතුරින් අවසන් ගමන් ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා !!!
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka