ප්‍රදීපාගේ හිස සුන් මළසිරුර' පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වුණා වගේම ඒ ගැන විවිධාකාර 'කයිකතන්දර'ත් පැතිර ගියා. 'කපුවෙක්' සහ 'ව්‍යාපාරිකයෙක්' එක්ව මේ 'ඝාතනය' සිදු කළා ය යන්න පළමු අනාවරණයයි.
ඒ නමුත් අවසාන වශයෙන් අහන්නට ලැබුණේ ඔවුන් දෙදෙනාගේ 'ප්‍රකාශ' පවා එකිනෙකට පරස්පර බවයි.
කෙසේ වෙතත්, මෙම 'අවාසනාවන්ත' සිදුවීම ගැන මේ සතිඅන්තයේ 'මව්බිම' පුවත්පතේ දීර්ඝ ලිපියක් පළ කර තිබෙනවා.
එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න.
පසුගිය සතියේ පොලිස් මූලස්ථානයට දිවයිනේ නන්දෙසින් වාර්තා වූ සිද්ධීන් අතරින් අමානුෂික ලෙස සිදු කළ මිනිස් ඝාතනයක තොරතුරක් සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. ඇත්තෙන්ම එම කාන්තා ඝාතනය ඇඟ ලොමු ඩැහැ ගැන්වූවකි. හිස සහ අත් පා කොටස් සිරුරෙන් ඉවත් කර, කොට්ටුන්න ඔයේ ගිල්වා දමා තිබූ ඇය තිදරු මවක වූ ප්‍රදීපා සිල්වා නමැත්තියක් බව පොලිසිය හඳුනාගෙන තිබිණි.
කෙසේ වෙතත් ඇය ඝාතනය කර අදට දින 11ක් ගතව තිබුණද ඇය ඝාතනය කළ සැකකරුවන් පැය 48ක කාලයක් පොලිස් අත්අඩංගුවේ පසුවුවද, ඇගේ වෙන්වූ හිස සහ අත් පා කොටස් සොයා ගැනීමට සපුගස්කන්ද පොලිසියට නොහැකි වීම පොලිස් විමර්ශනයට ගෙනදී ඇත්තේ කිසියම් වූ බාධාවකි.
තඹවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා පනස් දෙහැවිරිදි තිදරු මවකි. ඇය පදිංචිව සිටින්නේ අංගොඩ රෝහල පාරේය. ඇගේ සැමියා විශ්‍රාමිකයකු වූ අතර ඔවුන්ට දාව දියණියන් තිදෙනෙකි. ඉන් එක් දියණියක් මෙරට පදිංචිව සිටින අතර සෙසු දියණියන් දෙදෙනා සිටින්නේ විදේශගතවය.
ප්‍රදීපා අංගොඩ සහ ඒ අවට ප්‍රදේශවල නිවාස කිහිපයක හිමිකාරියකි. එම නිවාස පිටස්තරයන්ට කුලී පදනම මත ලබාදී ඇය කිසියම් ආදායමක් උපයා ගනී. කෙසේ වෙතත් පවුලේ ඇති වූ ආරවුලක් මත සැමියා සිටින්නේ ඇය අතහැරදමාය.
සැමියා සිය රැකියාව සඳහා පිටව ගිය මොහොතක ඇයට සුධීර මුණගැසී ඇත. පසුව දෙදෙනා අතර ඇති වූ ආදර සබඳතාව වසර 20කට ආසන්න කාලයක සිට පැවැතිණි. සුධීර සියඹලාපේ පදිංචි ව්‍යාපාරිකයෙකි. මෙලෙස කාලයක් තිස්සේ පැවැති අනියම් සබඳතාව සමඟ සුධීර මිල මුදලින් මෙන්ම නිවාස මිලදීගෙන දීමෙන්ද ප්‍රදීපාට හොඳින් සැලකුවාය. කල්යෑමේදී මවගේ අනියම් පෙම ඇගේ දියණියන්ටද සැලවිය.
ඉකුත් 27 වැනිදා උදෑසනම හැඳ පැලඳගෙන ඇය නිවෙසින් පිටව යන්නේ අනියම් සැමියා හමුවීමේ බලාපොරොත්තුවෙනි. ඒත් ඇය ඒ බවක් කිසිවකුට නොකීවාය.
ඇය නිවෙසින් පිටව කෙළින්ම යන්නේ නිවෙස ආසන්නයේ පදිංචි හිතවතියකගේ නිවෙසකටය.
ඇය එම නිවෙසට යන විට දන්නා කියන මිතුරියක්ද එම නිවෙසට පැමිණ සිටියාය. ඇය ආයුර්වේද වෛද්‍යවරියකි. මඳ වේලාවක් එම නිවෙසේ ගත කරන ප්‍රදීපා නැවත එම නිවෙසින් පිටව යන්නේ ආයුර්වේද වෛද්‍යවරියද සමඟිනි.
“කොහේද ඔයා යන්නේ”
“මම යනවා කොටිකාවත්තේ අක්කලගේ ගෙදරට.” වෛද්‍යවරියට එසේ පිළිතුරු දුන් ප්‍රදීපා ඇයත් සමඟ ත්‍රිරෝද රියකට ගොඩ වූ අතර මඳ දුරක් ගමන් කරද්දී ඇගේ බාල දියණියගෙන් ඇයට ඇමැතුමක් ලැබිණි.
“මම කොටිකාවත්තේ ලොකු අම්මලගේ් ගෙදර යනවා.” ඇය එලෙස කියා ත්‍රිරෝද රියේම ගමන් ගත්තාය.
රාත්‍රිය උදාවිය. ප්‍රදීපා යළි නිවෙසට නොආවාය. බාල දියණිය මවට ඇමැතුම් කිහිපයක් ගත්තද මවගෙන් ඊට ප්‍රතිචාරයක් නොවීය. ඇයට මවගේ නිහඬතාව ගැටලුවක් විය. බැරිම තැන ඇය මුල්ලේරියාව පොලිසියට දිව ආවාය. ඒ වන විට රාත්‍රි එකොළහද පසු වී තිබිණි. ඇය මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ සිය මවගේ නිහඬතාව ගැන කරුණු කීවාය.
“උදේ 9.30 ඉඳන් මම අම්මට කෝල් කරනවා. ෆෝන් එක ඕෆ් කරලා.”
“හරි. දැන් රෑ වැඩියි. හෙට උදේ වෙනකම් බලන්න. නැති වුණොත් උදේට ඇවිත් මාව හම්බවෙන්න.”
28 වැනි දිනට උදාවිය. ප්‍රදීපාගෙන් කිසිදු තොරතුරක් නොවීය. දියණිය මේ බව මවගේ හිතවතියන්ටද කීවාය. හිතවතියන් හතර දෙනකුද සමඟ දියණිය මුල්ලේරියාව පොලිසියට පැමිණියේ ඉන් පසුවය. ස්ථානාධිපතිවරයා ප්‍රදීපාගේ ආගිය විස්තර ඔවුන්ගෙන් විමසුවේය.
හිතවත් වෛද්‍යවරිය කීවේ සොහොයුරියගේ කොටිකාවත්ත නිවෙසට යන බව කියමින් ප්‍රදීපා ත්‍රීවිලරයට ගොඩ වූ බවත් අංගොඩ හන්දියේදී තමා රථයෙන් බැස ගිය බවත්ය.
සියලු තොරතුරු සටහන් කරගත් ස්ථානාධිපතිවරයා සිය අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාද සමඟ අංගොඩ හන්දියට යෑමට පිටත් විය.
ඒ අතර ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව රෝහල, කළුබෝවිල සහ රාගම රෝහල්වලින් මෙවන් කාන්තාවක් රෝහල්ගත කර ඇත්දැයි විමසුවේය. එහෙත් ඇය කිසිදු රෝහලකට ඇතුළු කර නොතිබුණේය.
“ඊට පස්සේ මමයි ක්‍රයිම් ඕ.අයි.සී.යි අංගොඩ ඉඳන් කොටිකාවත්තටයි, අංගොඩ ඉඳන් කඩුවෙලට යන පාරවල්වල තියෙන හැම සී.සී.ටී.වී. එකක්ම බැලුවා. කඩයක් කඩයක් ගාණේ ගිහින් කැමරා බැලුවා.”
ස්ථානාධිපතිවරයා විමර්ශන ඇරඹි ආකාරය කියාගෙන ගියේය. මේ සඳහා ප්‍රදීපාගේ දියණිය නිලධාරීන්ට මහත් සහයෝගයක් ලබා දුන්නාය. ඇගේ ජංගම දුරකථනයේ ඇති මෘදුකාංගයක් ඔස්සේ නිලධාරීන් විද්‍යාත්මක පරීක්ෂණයකද යෙදුණේය. ඒ ප්‍රදීපාගේ ඊමේල් ලිපිනයට ප්‍රවේශ වීමෙන්ය. ඒ අනුව ප්‍රදීපා අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටි කඩුවෙල ප්‍රදේශයේ ස්ථානයක් හඳුනාගැනීමට නිලධාරීන්ට හැකි විය. “පස්සේ දිගින් දිගටම සී.සී.ටී.වී. දර්ශන බලාගෙන බලාගෙන යනකොට අපිට තේරුණා, ඔය අතුරුදන් වුණු කොටිකාවත්ත පැත්තට එදා ගිහින් නැති බව. පස්සේ අපි අංගොඩ ඉඳන් කඩුවෙල පැත්තට සී.සී.ටී.වී. බැලුවා. එතැනදී අපි අර ඊමේල්් එකේ තිබුණු ලොකේෂන් එකට ගියා. ඒක ආහාර අලෙවිසලක්. සී.සී.ටී.වී. චෙක් කරද්දී පාර පැත්තට තිබුණු කැමරාවක දැක්කා මෙයා ත්‍රීවීලර් එකකින් ඇවිත් ඒ අලෙවිසලක් ටිකක් අෑතින් නතර කරලා පයින්ම ඒ හෝටලය පැත්තට එනවා.
ඒ සී.සී.ටී.වී. වල දර්ශනවලින් එයාගේ දුව හා හිතවතියන් ඒ එන්නේ ප්‍රදීපා තමයි කියලා හඳුනාගත්තා. ප්‍රදීපා ඇවිත් එතැන නතර කරලා තිබූ කළු පාට කාර් එකේ ඉදිරිපස වීදුරුවට තට්ටු කළාම පුද්ගලයකු එළියට බැහැලා ප්‍රදීපාත් එක්ක ඒ අවන්හලට යනවා අපිට පෙනුණා.
පස්සේ අපි ඒ අවන්හලේ ඇතුළේ සවි කරලා තියෙන සී.සී.ටී.වී.ත් බැලුවා. ඒකේ පේනවා ප්‍රදීපා ඇවිත් රෝල්ස් දෙකකුයි, කෝපි දෙකකුයි, වතුර බෝතලයකුයි මිලදී ගන්නවා. ඒකත් අරන් ප්‍රදීපා අර පුද්ගලයා ඉන්න මේසයට යනවා.
ඉන් පස්සේ සී.සී.ටී.වී. හොඳින් නිරීක්ෂණය කරද්දී අපිට පෙනුණා ප්‍රදීපා ෂෝට්ඊට්ස් කෑවට අර කාර් එකෙන් ආපු පුද්ගලයා කෑම මුකුත් නොකන බව. ඔන්න ඔතැනදී අපිට සැකයක් ආවා. මොකද මිනිහා රෝල්ස් එකක්වත් නොකන්නේ කියලා. ඊට පස්සේ දෙන්නම කාර් එකේ නැඟලා පිටවෙලා යන බව පේනවා.
පස්සේ මම වට්ස්ඇප් මාර්ගයෙන් එයාගේ යාළුවොත් දැනුවත් කරලා අර කාර් එකේ අංකය ආර්.එම්.වී. එකට යවලා ඒ කාර් එක අයිති පුද්ගලයා කවුද කියලා හෙව්වා. එතැනදි අපිට දැනගන්නට ලැබුණේ කාර් එකේ අයිතිකාරයා සියඹලාපේ සුධීර කියලා කෙනෙක් බව.
ඉන් පස්සේ මම මේ තොරතුරු සීනියර් ඩී.අයි.ජී. මහත්තයටත් කියලා මහත්තයාගෙන් අවසර අරගෙන සියඹලාපේට ගියා. එහෙම අවසර ගත්තේ පිට වසමකට යන නිසා. අපි ඒ ගෙදරට යන කොට මේ සුධීර කියන මනුස්සයා ඒ ගෙදර හිටියේ නැහැ. කරුණු කාරණා විමසද්දී දැනගත්තා සුධීර ඊට කලින්දා (27දා) ඒ ගෙදර වෙන කෙනකුට කුලියට දීලා ගිහින් කියලා.
එයාලගෙන් තවදුරටත් ප්‍රශ්න කරද්දී සුධීර ඒ කිට්ටුපාත ගෙයක ඉන්නවා කියලා දැනගත්තා. අපි ඒ ගෙදරට ගියා. ගේට්ටුව වහලා. මම නිලධාරීන් දෙන්නෙක් තාප්පයෙන් වත්තට බස්සලා බැලුවා. ගෙදර කවුරුහරි හැංගිලාවත් ඉන්නවද කියලා.
ඒ නිලධාරීන් දෙන්නා කතා කරලා කිව්වා සර් අමුතු ගඳක් එනවා, පෝටිකෝවේ මොනවා හරි හෝදලා දාපු බවකුත් පේනවා කියලා. පස්සේ තමයි මමයි ක්‍රයිම් ඕ.අයි.සී.යි ගේට්ටුව කඩලා ඒ ගෙදරට යන්නේ.” මූලික විමර්ශන පැවැත්වූ ආකාරය මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ එලෙසය.
සුවිසල් නිවෙසක් වූ එහි කිසිදු පුද්ගලයකු වාසය කරන බවක් පෙනෙන්නට නොතිබිණි. නිවෙස අවටින් භූමිතෙල් ගඳක්ද වහනය විය. පෝටිකෝව භූමිතෙල් දමා සෝදා ඇති බවක් නිලධාරීන්ට පෙනිණි. කුණු ලේ ගඳක් කාටත් දැනිණ. හොඳින් නිරීක්ෂණය කිරීමේදී බාගෙට සේදී ගිය ලේ පැල්ලම් ඉදිරිපස කාමරයකද බිත්තියේද විය. කිසියම් සිදුවීමක් නිවෙස තුළ සිදුවී ඇති බව නිලධාරීන්ට තහවුරු විය.
නිලධාරීන්ගේ උකුසු ඇස් ඒ මේ අත යන්නට විය. නිවෙස පිටුපස කසළ ගොඩක තිබී කාන්තාවකගේ කෙස් ගස්, අඩක් පිලිස්සුණු රුධිරය තැවරුණු ඇඳුම් සහ කොණ්ඩා කටුවක්ද නිලධාරීන්ට දැකගත හැකිවිය. මෙහිදී පොලිසිය සොයාගත් කොණ්ඩා කටුව ප්‍රදීපාගේ බව ඇගේ හිතවතියක් හඳුනාගත්තාය. ප්‍රදීපා මෙම නිවෙසට රැගෙන විත් පහරදී මරා රැගෙන ගියේද යන සැකය ඒ වනවිටත් නිලධාරීන්ට ඇති වී තිබිණි. කෙසේ වෙතත් මෙම නිවෙස පිහිටි ප්‍රදේශය සපුගස්කන්ද පොලිසියට අයත් බව දැනගත් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා වහා දුරකථනයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අමතා මේ බව කීවේය.
“මචං ඔයාගේ ඒරියා එකට අපි ඇවිත් ඉන්නේ. මේ ගෙදර කාමරවල ලේ පැල්ලම් වගයක් තියෙනවා.” මුල්ලේරියාව ස්ථානාධිපතිවරයාට සිය කතාව සම්පූර්ණයෙන් කියාගත නොහැකි විය.
“ආ… ඇත්තද? අපිට මේ දැන් ඉන්ෆොමේෂන් එකක් ආවා, ඔළුව අතපය නැති ගෑනු කෙනෙක්ගේ බොඩි එකක් මෙන්න මේ පැත්තේ ඔයක තියෙනවා කියලා. සමහර විට ඔය නැතිවුණු ගෑනු කෙනාගෙද දන්නේ නැහැ.”
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතුමට පිළිතුරු දෙමින් කියන්නට විය.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ලැබුණු තොරතුරට අනුව කොට්ටුන්න ඔය ප්‍රදේශයට ගියහ. ඔයේ ගස් අතර සිරවී ඇති නිරුවත් කාන්තා මළසිරුර නිලධාරීන්ට දැකගත හැකි වන්නේ ඉන්පසුවය. සිරුරේ හිස, අත්පා නැත. සිරුර කාන්තා සිරුරක් බවට ඇගේ නාරි ලක්ෂණවලින් නිලධාරීහු හඳුනාගත්හ.
සිද්ධිය ගැන අතුරුදන් වූ කාන්තාවගේ දියණියට දන්වනු ලැබිණි. දියණිය සහ හිතවතියක් මළසිරුර ප්‍රදීපාගේ බවට හඳුනාගන්නේ එවිටය. එසේ නම් ඇය සියඹලාපේ නිවෙසේදී ඝාතනය කර අත්පා, හිස කඳින් වෙන් කර සිරුර කොට්ටුන්න වැවට දමා ඇති බව නිලධාරීන්ට ඒත්තු ගියේය. මෙහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා ප්‍රදීපා සමඟ අවසන්වරට සිටි සුධීර සොයාගත යුතු බව සපුගස්කන්ද සහ මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ට වැටහිණි. ඒ අනුව කණ්ඩායම් කිහිපයක් සුධීර පසුපස හඹා ගිය අතර නිලධාරීන් පැවැසුවේ කාන්තාව මරා ඇගේ සිරුරෙන් හිස, අත්පා වෙන් කොට ඔයට ගෙනැවිත් දැමිම ඔයට තනිවම කළ හැකි දෙයක් නොවන බවත් මීට තවත් පුද්ගලයකුගේ සහාය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවත්ය.
ඒ ඔස්සේ විමර්ශන ඇරැඹිණ. සුධීර ඒ වනවිටත් අතුරුදන්ව සිටියේය. පොලිස් කණ්ඩායමද ඔහු ගැවසෙන, රැඳෙන ස්ථානවලට කඩා වදින්නට වූහ. මාධ්‍යයද සුධීර පොලිසිය සොයන බව කියමින් ප්‍රධාන සිරස්තල පළ කරන්නට විය. සැඟව සිටි සුධීර මින් බියට පත්විය. තමාට දිගින් දිගටම සැඟව සිටින්නට නොහැකි බව ඔහුට වැටහුණේය. අපරාධයක් සිදුකොට කිසිදා සැඟව සිටිය නොහැකි බව නිලධාරීහුද වටහා ගෙන සිටියහ.
ඒ අතරතුර සුධීරගේ අළු පැහැති KI 3030 වාහනය ගැන තොරතුරක් පොලිසියට ලැබිණි. එම මොටෝරිය නුවරඑළිය සඳතැන්න සද්ධර්ම නිකේතන විහාර භූමියක ඇති බව තහවුරු කරගැනීමෙන් පසු මහබාගේ පොලිසියේ නිලධාරීහු නුවරඑළියට ගොස් සුධීරගේ මොටෝ රිය සපුගස්කන්දට රැගෙන පැමිණියහ. ඒ සම්බන්ධයෙන් විහාරවාසී හිමියන් පැවැසුවේ මෙවැන්නක්ය.
“දෙන්නෙක් ආවා. එක්කෙනෙක් මෙහාට ආපු ගියපු කෙනෙක්. අනෙක් කෙනා මම දැකලවත් නෑ. දන්නේවත් නැහැ. පාන්දර 6.30ට 7.00ට විතර තමයි මේ දෙන්නා ආවේ. සතියක් විතර ඉන්නවා කිව්වා. එදා පෝය දවස. හාමුදුරුවනේ අපිට යන්න වෙලා තියෙනවා කොළඹ වැඩක් කරන නිසා කියලා කිව්වා.
මෙන්න හාමුදුරුවනේ කාර් එකේ යතුරයි තව යතුරු වගේකුයි ෆෝන් එකයි කියලා මට දීලා දවස් දෙකකට පස්සේ එනවා කියලත් කිව්වා. මම ඒ ටික කබඩ් එකෙන් අරන් තිබ්බා. ඊට පස්සේ රෑ පොලිසියේ මහත්තුරු ආවා. මම සම්පූර්ණ සිද්ධිය කිව්වා. කවුරු ආවත් මම සලකනවා.”
මේ සිද්ධියත් සමඟ තවදුරටත් සැඟව සිටීමෙන් පලක් නැති බව සුධීර සිතන්නට ඇත ඒ සිතිවිල්ල මත ඔවුන් දෙපල රහසිගතව නීතිඥ සහාය පතා ඇත. ඒ අනුව ඉකුත් 02 වැනිදා නීතිඥයන් දෙදෙනකු මාර්ගයෙන් සුධීරත් ඔහුගේ සගයකු වන රෝහිතත් සපුගස්කන්ද පොලිසියට පැමිණ භාර වූහ. සුධීර සියඹලාපේ දකුණු මාහේන පාර පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර රෝහිත සියඹලාපේ දකුණ සමෘද්ධි මාවතේ පදිංචි 48 හැවිරිදි කපුවකු විය.
පසුව මොවුන්ගෙන් ප්‍රදීපාගේ ඝාතනය ගැන ප්‍රශ්න කරද්දී දෙදෙනා නොයෙක් වැල්වටාරම් කියන්නට පටන් ගත්හ. ඒවා පරීක්‍ෂණවලට කිසිසේත් සෑහුණේ නැත. පසුව මේ බව උසස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඉකුත් 3 වැනිදා සුධීරත්, රෝහිතත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිලධාරීහු පියවර ගත්හ.
ඒ රැඳවා තබාගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහාය.
මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඒ සඳහා සපුගස්කන්ද පොලිසියට අවසර ලබා දුන්නාය. ඒ අනුව දෙදෙනා දෙපැත්තකට කැඳවා නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. දෙදෙනාම එකිනෙකට පරස්පර ප්‍රකාශ කීහ.
මෙහිදී සුධීර පොලිසිය හමුවේ පවසා තිබුණේ ප්‍රදීපා තමාට කරදරයක් බවට තමා රෝහිතට කී බවත් එහිදී මම වැඩක් කරන්නම් සර්. එයාව එක්කගෙන එන්න කියා රෝහිත තමාට පැවැසූ බවත්ය.
ඒ අනුව සඳහන් වුණේ ඉකුත් 27 වැනිදා ප්‍රදීපා කඩුවෙලට ගෙන්වාගෙන එතැන් සිට සිය මෝටර් රථයෙන් සියඹලාපේ දකුණ මාහේන ප්‍රදේශයේ ඇති තම දෙමහල් නිවෙසට ඇය කැඳවාගෙන පැමිණි බවය.
සුධීර කියන කතාව ඇත්තක්දැයි දැන ගැනීමට නිලධාරීන් රෝහිතගෙන්ද ඒ සම්බන්ධයෙන් කරුණු විමසීය.
එහිදී ඔහු පවසා ඇත්තේ 27 වැනිදා දහවල් සර් සමඟ එම කාන්තාව පැමිණි බවත් පසුව ඇය නිවෙස තුළ පිහිටි කාමරයෙන් පිටතට එන විටම තමා ඇයට මන්නයකින් කෙටූ බවත්ය. රෝහිත පවසන ආකාරයට ඝාතනය සිදුව ඇත්තේ දහවල් 11ත් 12ත් අතරය.
මේ අතර තවත් වරෙක කළ ප්‍රශ්න කිරීමේදී සුධීර පොලිසිය හමුවේ පවසා ඇත්තේ කඩුවෙල ආහාර අලෙවිසලේ සිට ප්‍රදීපා තමා සමඟ මෝටර් රථයෙන් පැමිණ අතරමඟදී ත්‍රිරෝද රියකට නැඟ ගිය බවය. පසුව තමා නිවෙසට පැමිණෙන විට තමාට පෙර නිවෙසට පැමිණ සිටි ප්‍රදීපාව, කපුවා විසින් මරා දමා ඇති බවය.
“උඹ ඕක කරා නම් උඹම බාර ගනින්” යනුවෙන් තමා කපුවාට පැවැසූ බවද සුධීර වරෙක පොලිසිය හමුවේ කියා තිබිණ.
මොවුන් පරස්පර අදහස් ඉදිරිපත් කිරීම පොලිස් නිලධාරීන්ට ගෙනත් දුන්නේ දැඩි අපහසුතාවකි.
කෙසේ වෙතත් විමර්ශනයේදී හෙළිවී ඇති ආකාරයට ප්‍රදීපා ඝාතනය වන්නේ මෙවන් ආකාරයට බව විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
“සුධීරගේත් ප්‍රදීපාගේත් අනියම් සම්බන්ධය අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තියෙනවා. සුධීරගේ කසාද බිරිය ඉන්නේ නුවර. එයත් මෑතකදී මේ සම්බන්ධය දැනගෙන තිබුණා.
මේක දැනගත්ත ප්‍රදීපාත් මාස හයක් තිස්සේ සුධීරට අපි බඳිමු කියලා කතා කරලා තියෙනවා. උදේට – දවාලට – රෑට නිතර නිතර කෝල් කරලා “අපි බඳිමු” කියලා ප්‍රදීපා සුධීරට කරදර කරලා තියෙනවා.
ඒ වගේම සතියට දෙතුන් පාරක් විතර හමුවෙන්න ඕනෑ කියලත් හෝටල්වලට යමු කියලත් ප්‍රදීපා කරදර කරලා තියෙනවා. සුධීර ආවේ නැත්නම් “සුධීරට හොඳ පාඩමක් උගන්වනවා නැත්නම් දරුවකුගේ කකුලක් කඩලා එකතැන් කරනවා” කියලත් තර්ජනය කරලා තියෙනවා.
දැනගන්න තියෙන විදිහට ප්‍රදීපාටත් සල්ලි තියෙනවා. ඒවා වියදම් නොකර සුධීරගේ සල්ලි තමයි එයා වියදම් කරන්නේ. ප්‍රදීපාට සතියට දින දෙකක් විතර මේකප් එකටයි සැලුන් යන්නයි, එක එක දේවලට මුදල් දෙන්නයි වුණු නිසා සුධීරට මෙයාව කරදරයක් වෙලා තියෙන්නේ.
ප්‍රදීපා අංගොඩ ලොක්කාට නෑකමක් තියෙනවා. ඒ වගේම එයාගේ බාප්පා කෙනෙක් මිනීමැරුමකට අහුවෙලා කන්ඩෙම් වෙලා ඉන්නේ. ඒ නිසා සුධීරත් ප්‍රදීපාට බයෙන් තමයි ඉඳලා තියෙන්නෙත්.
ඔය සුධීරට අයිති සියඹලාපේ දකුණ මාහේන තියෙන තට්ටු දෙකේ ගෙදර කපුවට තමයි ඉන්න දීල තියෙන්නේ. මීට දවස් කිහිපයක ඉඳලා සුධීරත් ඒ ගෙදර තමයි නතර වෙලා ඉඳලා තියෙන්නේ.
නිතර නිතර ප්‍රදීපාගෙන් සුධීරට කෝල් එනකොට කපුවා සුධීරගෙන් අහනවලු “ඒ කවුද” කියලා. එතකොට සුධීර කියනවලු “ඒ ගෑනිගෙන් එයාට හරි කරදරයක් කියලා.
ඒ වෙලාවේ කපුවා කියලා තියෙනවා “සර් බය වෙන්න එපා මම තනිකඩයෙක්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ මම සර්ව බේරගන්නම්” කියලා.
මේ ආරවුල ඇති වෙලා තියෙන්නේ මාස හයක් තිස්සේ. ඒ වෙනකොට ප්‍රදීපාගෙන් තියෙන කරදරය නිසා ප්‍රදීපාගෙන් අයින් වෙන්න හිතාගෙන මේකට මොකක්ද කරන්නේ කියලා සුධීර හිතලා තියෙනවා.
සතියකට කලින් හොඳට මුවහත තියෙන මන්නයකුත් සුධීර ගෙදරට ගෙනාවා කියලා තොරතුරක් තියෙනවා. මොකටද මන්නේ ගෙනාවේ කියලා ඇහුවම ගස්වල අතු කපන්න ගෙනාවේ කියලා සුධීර කියලා තියෙනවා.
ඔය අතරේ තමයි “මේ ගෑනිගෙන් මට හරි කරදරයි මොකක් හරි කරන්න” කියලා සුධීර කපුවට කියලා තියෙන්නේ.
“මම කරන්නම්. සර් ඒ ගෑනිව මෙහාට එක්කරගෙන එන්න සර්ව බේරලා මම වැඩේ කරන්නම්” කියලා කපුවා පිළිතුරු දීලා තියෙනවා.
25 වැනිදා තමයි සුධීර ප්‍රදීපාට කෝල් කරලා ගෙදරට එන්න කියලා කියාලා තියෙන්නේ. ඒත් ප්‍රදීපා ඒකට කැමැති වෙලා නැහැ.
26 වැනිදත් සුධීර ප්‍රදීපාට කෝල් කරලා එදත් ප්‍රදීපාට එන්න විදිහක් නැහැ කියලා ඇවිත් නැහැ.
27 වැනිදා උදේ 7.20ට විතර සුධීර ප්‍රදීපාට කෝල් කරලා එන්න කියලා තියෙනවා. එතකොට ප්‍රදීපා කියලා තියෙනවා. “ඔහේට එන්න බැහැ හෝටලයකට යමු” කියලා. එතකොට සුධීර කියලා තියෙනවා “හෝටල් ගානේ යන්න මට සල්ලි නැහැ අපේ ගෙදර යමු” කියලා. ඔහොම කියලා තමයි ප්‍රදීපා කඩුවෙලට ඇවිත් තියෙන්නේ.
පස්සේ දෙන්නා කාර් එකෙන් සියඹලාපේ ගෙදරට ගිහින් තියෙන්නේ. ප්‍රදීපා ගෙදරට ඇතුළු වෙද්දී සුධීර කාර් එක ගරාජ් එකට දාන්න ගිහින්. ඒ වෙලාවේ තමයි කපුවා මන්නය තියාගෙන හැංගිලා ඉඳලා තියෙන්නේ. ප්‍රදීපා ඝාතනය වන්නේ කාමරේ ඉඳන් එළියට එනකොටයි.
දැනට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව ප්‍රදීපාගේ බෙල්ලට මන්නයෙන් කොටද්දී ප්‍රදීපා කෑ ගහගෙන බිම වැටිලා ආයෙත් නැඟිටලා පුටු සැටියේ වාඩි වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රදීපාගේ බෙල්ල වෙන් වෙන්නම තවත් මන්න පහරක් දීලා තියෙනවා. ඒ පාරින් තමයි ප්‍රදීපා මැරෙන්නේ.
පස්සේ දෙන්නම එකතු වෙලා බිත්තිවලට විසිවුණු ලේ පැල්ලම් මැකෙන්න තීන්ත ගාලා තියෙනවා. පොළොව හෝදලා ලේ ගෑවුණු රෙදි ගේ පිටිපස්සට ගිහින් ගිනි තියලා තමයි පෝර උර දෙකක් ගෙනත් ඔළුව අතපය වෙන් කරලා ඒ උර දෙකට දාලා ඒවා ගලහිටියාව පාලමේ පහළ ඔයටත් මන්නේ පහුරුඔය පාලමේ පහළටත් දාන්නේ.”
පස්සේ මෙයාලා ගාල්ලට ගිහින් ප්‍රදීපාගේ ජංගම දුරකථනයෙන් ගාල්ල අවට තැන් වීඩියෝ කරලා ප්‍රදීපාගේ යාළුවෝ කිහිප දෙනකුට වට්ස්අප් කරලත් තියෙනවා. ප්‍රදීපා ජීවත්ව ඉන්නවා කියලා පෙන්නන්න. පස්සේ ෆෝන් එක ගාල්ල පැත්තේ පාලමකින් විසි කරලා තියෙනවා. ඒ අතරේ තමයි ප්‍රදීපාගේ ඝාතනයට සුධීර හොයනවා කියලා ටී.වී. එකේ නිවුස්වලින් දැකලා තියෙන්නේ. ඊට පස්සේ නුවරඑළියට ගිහින් කාර් එක සඳතැන්නේ පන්සලක දාලා පොලිසියට ඇවිත් බාර වෙන්නේ.”
විමර්ශන නිලධාරියා, මේ වනවිට හෙළිවී ඇති තොරතුරු එසේ සඳහන් කළේය.
ඒ අනුව ඉකුත් 5 වැනිදා පෙරවරුවේ පොලිස් නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් සියඹලාපේ ඇළ දැඩි පරීක්‍ෂාවකට ලක් කරමින් මරා දැමුණු කාන්තාවගේ හිස සහ දෑත් දෙපා සෙව්වද කිමිඳුම්කරුවන්ට හෝ විමර්ශන නිලධාරීන්ට ඒ කිසිවක් සොයා ගැනීමට හැකි වුණේ නැත.
ඉන් අනතුරුව කිමිඳුම්කරුවන් මල්වානේ පහුරුඔය පහළට බැස ඔයට විසි කළැයි කී ප්‍රදීපා ඝාතනයට උපයෝගි කරගත් මන්නය සොයා ගැනීමට ගත් උත්සාහයද සාර්ථක නොවීය. කෙසේ වෙතත් විමර්ශනයේදී සැකකරුවන් එකිනෙකාට චෝදනා කරමින් විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ප්‍රදීපා ඝාතනයේ ඇත්ත තවමත් නිවැරදිව තහවුරු වී නැත. එසේම ඇගේ සිරුරේ හිස, අත්, පා සහ ඇය ඝාතනය කිරීමට උපයෝගි කරගත් තියුණු මන්නයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි නොවීම කනගාටුවට කරුණකි.
ඒවා සොයා ගත්තේ නම් එය ඉදිරි විමර්ශන කටයුතුවලට පහසුවක් වනු ඇත. නඩු විභාගය පවත්වාගෙන යෑමටද එය සහායක්ය. ඒත් පැය 48ක් රඳවාගෙන සිටියදීත් මේ කිසිවක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වීම විමර්ශනවල අඩුපාඩුවක් බවත් එසේත් නැත්නම් සැකකරුවන් පවසන්නේ බොරුවක් බවත් මැනවින් පෙනෙන්නට ඇත. අවසානයේ පැය 48ක කාලය ගෙවී යෑමත් සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සපුගස්කන්ද පොලිසියට සිදුවිය.
සැකකරුවන් මහර අංක 2 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිමල් සුසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සොයිසා ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධ මූලික විමර්ශන පැවැත්වූ අතර ඉදිරි විමර්ශන සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්‍ෂක ඩී. පී. එස්. එල්. මුතුකුමාරණ, උප පරීක්ෂක නිශ්ෂංක, සැරයන් පෙරේරා (32560), චමින්ද (478), පුෂ්ප කුමාර (55713), කුමාර (71453), ජගත් (50820), අමිල (70992), ජයකොඩි (6228) ඇතුළු කණ්ඩායමක් විසින් සෙසු විමර්ශන සිදු කළහ.
පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.
කීර්ති මෙන්ඩිස්