gossip lanka

රට රැකියාව අවසන් කර ලංකාවට ආ කත ගුවන් යානය තුළ දී අවසන් ගමන් යයි

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි කාන්තාවක් ගුවන් යානය තුළම මිය ගිය පුවත් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක  කාන්තාවකි .

ඇය ඊයේ (23) අලුයම 01.17 ට  කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම  ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය  දී මෙම මරණය සිදු වී තිබේ .
gossip lanka