gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය අංශ ජනතාවගේ සහය පතයි – බෝවන රෝග තුනක් ගැනත් අනතුරු අඟවයි!

අක්ෂි රෝගයක්, පාචන රෝගයක් සහ ශ්වසන අපහසුතා සහිත උණ රෝගයක් සහිත රෝග තුනක් ප්‍රදේශ කීපයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙයට හේතුව බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙන අතර මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්විය යුතු බව ඔවුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිළි කළා.

“මේ රෝග තුනම පාලනය කරගැනීම සඳහා පෞද්ගලික පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ වගේම පවතින ගංවතුර තත්ත්වය පහව යනවාත් එක්කම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වුණා. කෙසේවෙතත් ඒ ව්‍යවසනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සම්පූර්ණයෙන් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ජීවිත විශාල ප්‍රමාණයක් ඉදිරියේදී පරිස්සම් කරගන්න පුළුවන් වෙයි.” ලෙස උපුල් රෝහණ මහතා කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka