gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කණ්ඩායමේ හැම කෙනාටම නායකයා වෙන්න ඕන උනා… මෑත කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විනාස වුනේ ඒ පොරය නිසා… මුරලි අපේ ක්‍රිකට් විනාස වුන හැටි කියයි!

වර්ෂ 2015න් පසු  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මේ තරම් දුරට විනාශ වී ගියේ කණ්ඩායමේ ක්‍රීඩා කරන සියලු දෙනාටම කණ්ඩායමේ නායකයා වීමට අවශ්‍ය වීම නිසා බව ශ්‍රී ලංකාවේ හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන මුත්තයා මුරලිදරන් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ (17) රාත්‍රියේ  බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති  පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමිනි.


එහිදී මුරලිදරන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වූ සම්මානිත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අමතමින් මෙසේ පැවසුවේය.

“කවුරුහරි හිතනවා නම් ඔබ නායකයා ලෙස තමයි ලෝකයට හඳුන්වා දෙන්න ඕන කියලා   ඒක වැරදි මතයක්.  ඔබ ක්‍රීඩා කරන ආකාරයෙනුයි ඔබට ඔබේ අනන්‍යතාවය ගොඩනැගෙන්නේ. “

“නායකයෙක් වීම   සමහර වෙලාවට  දුෂ්කරතා කැඳවා ගැනීමක්.  මොකද  නායකත්වය දරන ක්‍රීඩකයා හොඳින් ක්‍රීඩා කළත් කණ්ඩායම පරදිනවා නම් දෝෂාරෝපණය එන්නේ ඔහුට. එහිදී ඔහුට ලොකු වගකීමක් දරන්න වෙනවා.”


“මා එහෙම කියන්නේ මා ඒ විදිහේ වගකීමක් හෝ දෝෂාරෝපණයක් නොලැබූ නිසා නොවෙයි. මගේ  විසි වසරක ක්‍රිකට් ජීවිතයේ දී මට වඩා ගොඩක් හොඳ නායකයො හිටියා. එය තත්ත්වය මා පිළි ගත්තා. පවතින තත්ත්වයේ යථාර්ථය  ඔබ   පිළිගත යුතුයි. “

“ඇතැම්විට ඇතැම් ක්‍රීඩකයන් ඔබට වඩා දක්ෂතා පෙන්වන බව ඔබ පිළිගත යුතුයි. මම තමයි දක්ෂතමයා මට තමයි පුලුවන් කියලා විශාල ආත්ම මාන්නයක් ඇති කරගත යුතු  නෑ. අපේ ක්‍රිකට් කණ්ඩායම දෙස බලන්න. “

“මම හිතන්නේ අන්තිම අවුරුදු දහයෙදි අපේ අලුත් පරම්පරාවේ ආකල්ප හරහා ටීම් එකට වුන වැඩේ මම දැක්කා.   ශ්‍රී ලංකා කණ්ඩායම කඩා වැටෙන්න හේතුව මොකක් ද දන්නව ද?. හැම කෙනාටම කණ්ඩායමේ නායකත්වය ගන්නන ඕන වුනා. “

“ඔබ  වර්ෂ  2015 ගන්න.   මේ අවුරුද්ද  2023.  මේ වනතුරු නායකයො කී දෙනෙක් හිටිය ද?.  අතේ ඇඟිලි මදි නායකයො ගනින්න.” මුරලිදරන් පැහැදිලි කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka