gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ගුටි කාපු කෙල්ලට අවුරුදු 19යි, පහර දීපූ හේතුව මේක!!' 'ඒ කෙල්ල සේවිකාවක් විතරක්ම නෙවෙයි!!' - 'කඳාන' අමානුෂික පහර දීමේ ඇත්තම කතාව මෙන්න

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ 'අතිශය' කතාබහට ලක්වුණු ඒ 'රූපරාමු' පෙළ ඔබත් නොදැක හිටියා වෙන්න බැහැ. (ඒක ඒ තරම් ම ආන්දෝලනාත්මක වුණා.....)

ඒ රූපරාමු පෙළින් දැක්වුණේ යම් 'සේවා ස්ථානයක' කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්, තවත් තරුණියකට අමානුෂික ලෙස 'පහර දෙන' ආකාරය.

මේ 'වීඩියෝවේ' ආගමනයත් එක්ක ඒ තාක් 'සන්සුන්ව' තිබුණු සමාජ මාධ්‍ය නැවත වතාවක් 'ඇවිලෙන්න' ගන්නවා. (ඒ හරියට මීට ඉහත ඇවිලුනා හා සමානවම...)

තරුණියට පහර දෙන 'දෙදෙනාගේ' වතගොත හොයන්න 'සමාජ මාධ්‍ය පරිශීලකයන්' පවා උත්සාහ අරන් තිබුණා. (ඇත්තටම අන්තිමේ ඔවුන් ඒ උදවිය ව හොයාගෙන තිබුණා....)

ඒ 'පරිශීලක උතුමන්ලාට' පින්සිදු වෙන්න මේ සිදුවීමේ 'මුල, මැද සහ අග' ගළපගන්න පොලිසියට පුළුවන්කම ලැබිලා තිබුණා.

'මේ තරුණියට පුද්ගලයින් පහර දෙන්නෙ ආයතනික ගැටලුවක් නිසා. කඳාන පොලිස් වසමේ එක්තරා ස්ථානයක වෙලා තිබුණේ. අන්තිමේදී අපි සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. (ඔවුන් සැමියා සහ බිරිඳ)අවුරුදු 19ක කාන්තාවකට තමයි පහර දීලා තියෙන්නෙ. සේවිකාවක් විතරක් නෙවෙයි, ළඟම ඥාතියෙක්. ඔවුන් ගේ නිවසේත් මේ කාන්තාව සේවය කරලා තියනවා. මේ කාන්තාවත් (පහර කෑ) පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා....' (පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව..)

මේ 'ෆේස්බුකියේ' ඇවිලුණ පළමු 'පහරදීම' නෙවෙයි. මින් එහා 'පහරදීම්' කිහිපයක්ම මේ අයුරින් ම කතාබහට ලක්වුණා.

ඒ සිදුවීම් සියල්ලම 'ආන්දෝලනාත්මක' වෙන්නෙ කොහෙන් හෝ තැනකින් ඒ සිදුවීම් 'කාන්දුවීමත්' එක්ක. (සරලවම කිවුවොත් 'තුන්වැනි ඇහැක්' ගැන ඔවුන් විමසිලිමත් නොවීම....)

තමන්ගේ 'ආයතනික' සේවකයන් ගැන කිසිදු 'තැකීමක්' නොකරන ඇතැම් 'උතුමන්ලා' බොහෝමයක් වෙලාවට මේ 'පහරදීම්' සිදු කරන්න 'හේතුවක්' හෝ නැහැ. ඒ ඔවුන්ගේ 'බලපුළුවන්කාරකම' පෙන්වීම වෙනුවෙන් වුණා වුණත්,... සත්‍ය වශයෙන්ම එසේ 'පහර දීමට' ඔවුන්ට ඇති 'අයිතිය' කුමක්ද? මේ වන විටත් 'සමාජ මාධ්‍ය' ඔස්සෙ බොහෝමයක් 'උරුවන් බාන', ධර්ම කරුණු කියන 'උතුමන්ලා'ගේ ද හැසිරීම මෙය ම වීම ඛේදජනකයි.

මෙම සිදුවීමට අදාළ පුද්ගලයින් දෙදෙනාගේ 'ඡායාරූප' අනුතරුව සමාජ මාධ්‍ය පරිශීලකයින් 'බෙදා හැර' තිබූ අතර, එහි අදාළ පුද්ගලයා තම සමාජ මාධ්‍යයේ කෙරූ පළ කිරීමක් ද බොහෝ දෙනෙක්ගේ ඇහැ ගැටී තිබුණා.

'ඉවසීමෙන්ද යටහත්කමෙන්ද එකිනෙකාට ප්‍රේම කරමු...'

මින් එහා 'නීතියේ මායිමෙන්' ඈතට වුණත්.. (ඇප මත නිදහස් වූවත්...) 'ඉවසීමෙන්' ඔවුන් කටයුතු කරාවීද යන්න ගැන 'සහතික' විය හැක්කේ කාටද?

'බුදුන්ගේ' රට හෝ 'දෙවියන්ගේ' රට යැයි 'උදම් අනනවා' වුණත්, 'ගතිගුණ' හා 'සදාචාරය' අතින් මේ 'දූපත' කොයි තරම් 'පහත් තැනකද' කියන්න මේ 'එක උදාරහණයක්' විතරයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka