හමාස් ප්‍රහාරවලින් මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දියණිය ඊශ්‍රායල තානාපති නිමල් බන්ඩාර මහතා වෙත යැවූ සංවේදී සටහනක්.
ඇස්වලින් උණු කඳුලු පනින හමාස් ප්‍රහාරය නිසා අප අතරින් වෙන් වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ දියණිය විසින් මා වෙත එවන ලද හද කකියන සටහන. .
"සර්, මං අනුලා ගේ දුව. මේ වීඩියෝ එක මන් සර්ට එව්වේ අම්මගෙ මූන තවත් මේකෙ පැහැදිලිව තියෙන නිසා.
මගෙ හිත කියන්නෙම අම්මා ඉන්නව කියල.
අම්ම ගොඩක් පින් කරපු කෙනෙක්.
අම්මට ඔහොම මරණයක් උරුමයි කියල මම හිතන්නෙ නෑ සර්.
අම්ම රට යද්දි මට අවුරුදු 16යි සර්.
මගෙ ජීවිතේ අවුරුදු 10කටම මං අම්ම එක්ක ලගින් හිටියෙ දවස් 90යි.
අම්ම එක්ක කතා නොකර මෙච්චර දවස් මං ඉදලම නෑ.
අම්ම ඕක වෙන්න කලින් දවසෙ රෑ මට කිව්ව " සුදු අම්මා ඔයාට ඕනම දේකට මම ඉන්නව කියල.."
ඒත් අම්ම ගිය ආත්මෙ කරපු දෙයක් ඔහොම ගෙවනව වෙන්නත් පුලුවන්.
මේ ලෝකෙ කිසිම ළමෙක් මං මේ විදින වේදනාව විදින්න හොද නෑ..
අම්මට තිබ්බ ලොකු ආසාවක් ලස්සනට මගෙ වෙඩින් එක ගන්න.
එයා ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක්.
ඒත් සර්, සර් මේ වෙලාවේ කියන ඕනම දේකට මං මූන දෙන්න ලෑස්ති .
කලින් ආත්මෙක කරපු දේවල් අපි පවුලක් විදිහට මේ ගෙවන්නෙ.
හැබැයි අම්මා ආවොත් මම අම්මව මං ලගින්ම තියා ගන්නව.
එයා මගෙ මුලු ලෝකෙම.
මම exam එකක් උනත් පාස් වෙන්නෙ අම්ම වෙනුවෙන් සර්.
මොකද මම පාඩම් කරන්න පොඩ්ඩක් වත් කැමති කෙනෙක් නෙවේ සර්.
අම්ම වෙනුවෙන් ඒ ඔක්කොම කලේ.
අම්මව පැහැර ගෙන ගිහින් ඉදල හම්බුනොත් අම්මට කියන්න සර් මම අම්ම එනකන් බලන් හිටිය කියල..
එදාට අම්මට මට කතා කරන්න කෝල් එකක් අරන් දෙන්න සර්.
අම්ම නැති වෙලානම් ඒකත් මට කියන්න සර්..
අම්මව එවන්න මෙහෙට..
අම්මගෙ අවසන් කටයුතු කරන්න ඕනෙ හොදට.
අම්මගෙ මිනී පෙට්ටියට මට කරගහන්න ඕනෙ .
ඒ තරම් දේවල් එයා මම වෙනුවෙන් කලා
සර්.. සර් ට ගොඩක් පින්..මේ වෙලාවෙ සර් ගොඩක් මහන්සි වෙනව අපි වෙනුවෙන්..????????"
Nimal Bandara ..
උපුටා ගැනීමකි ..