සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් රෝගාතුරව රෝහල් ගත කළ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පනාගොඩ සමගි මාවත පදිංචිව සිටි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය ශිෂ්‍යාව සිය නෑනා සමඟ වෙළෙඳසැලක් වෙත යන අතරතුර දී මාර්ගයේ සිටි සර්පයෙකු දෂ්ඨ කර තිබේ.
මෙහිදී දැරියගේ මව රැකියාව නිමවී නිවසට පැමිණෙන තුරු සිට තමාට වමනය සහ බඩේ කැක්කුමක් ඇති බව පවසා ඇත.
එහිදී දැරියගේ මව විසින් සර්පයා දෂ්ඨ කළ බවක් නොදැන දරුවාට ගැස්රයිටීස් රෝගය විය හැකි යැයි සිතා ඖෂධ ලබාදී තිබේ.
එම අවස්ථාවේ දී දැරියට වමනය ඇතිවී සිහිසුන් වීමත් සමග කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාරක ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිය දියණියගේ වියෝව පිළිබඳ අදහස් දැක්වු මව,
"වැඩට ගිහින් ගෙදර ආවා. එතකොට දුව අඬනවා. මම ඇහුවා ඇයි පුතේ අඬන්නේ කියලා. අම්මේ බඩ රිදෙනවා කිව්වා. මම හිතුවා ගෑස්ටික් කියලා. ඊට පස්සේ මම ගෑස්ටික් පෙත්තකුත් දුන්නා. මෙයා ඒක හපලා කෑවා. කාලා ඉවර වෙලා මට පපුව හිරකරනවා කිව්වා. වමනෙත් යනවා කිව්වා. වමනේ දාලා අම්මේ මට කලන්තේ කිව්වා. බෙල්ල එක පැත්තකට ගියා. ඊට පස්සේ පුතා දුවගෙන ඇවිත් වඩාගෙන මාමාට දුන්නා. මාමා තමා හොස්පිටල් එක්කන් ගියේ.
ඩොක්ටර් මගෙන් ඇහුවා මොකද්ද කෑව සතා කියලා. මගේ නෑනා කිව්වා අපේ දුවෙක් එක්ක කඩේට ගිහින් එද්දි වෙලා තියෙන්නේ කියලා. එතකොට ඇවිත් කිව්වලු නැන්දේ කඩියෙක් වගේ කෑවා කියලා. එයා පිටිපස්ස බලද්දි යන්තම් ඇදිලා ගියා කිව්වා. එයා සතා අඳුරන්නේ නෑ කිව්වා. සෙනසුරාදා හිටියා, ඉරිදා හිටියා, සඳුදා උදේ 6 වෙද්දි මගේ දරුවා නැති වුණා මට."