අපි ජීවත් වෙන්නෙ 'මහා අවාසනාවන්තයි' කියන රටක... (ඒක මේ මොහොත වෙනකොටත් වෙනසක් නෑ....) මින් එහා 'සුන්දරයි' කියන 'පාරාදීසයක්' වෙනුවෙන් හීන මැවුවා වුණත් ඒ හීනත් එක්කලාම සමහරක් 'ජීවිත' මහපොළව යට මිහිදන් වෙනවා. (මේ ලෝකය අතපාත ගෑවෙවත් නැති පුංචි උන් පවා....)
'නිදහස් සෞඛ්‍ය' ගැන උදම් අනනවා වුණත් ඒ ගැනත් 'විශ්වාසයක්' නැති මිනිස්සු තමන්ගේ 'මරණය' මින් එහා 'සුවපහසුවම' නවාතැන බවට තීන්දු කරනවා.
'සෞඛ්‍ය ක්ෂේත්‍රය' ඇතුළේ මේ වෙනකොටත් 'අවුල් ජාලයක්' ඇති බැව් රහසක් නෙවෙයි. (පේරාදේණියේ සිසුවියකගේ මරණයෙන් පස්සෙ මේ ගැන අතිවිශාල කතාබහක් ඇතිවුණා....)
ඒ අතරතුරත් තව ජීවිත ගණනාවක් 'හුස්ම' එක්කලා පොර බඳිනවා. සමහරෙකුට 'ඇස් අන්ධ' වෙනවා. තවත් සමහරෙකුට 'අසාත්මිකතාවයන්' ඇති වෙනවා. එයිනුත් තවත් පිරිසක් 'එක්තැන්' වෙනවා.
සත්‍ය වශයෙන්ම මේ ජීවිත වලට 'වගකිවයුත්තා' කවුද?
පසුගිය දිනෙක කළුබෝවිල රෝහලේ දී උපත ලැබූ 'නිවුන් පැටවුන්' දෙදෙනෙකු ත් අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. (මේ දෙදෙනා මිය ගොස් තිබුණේ 19 සහ 23 කියන දෙදින තුළ...)
වෛද්‍යවරුන් මේ මරණය ගැන 'සැක තැන්' කිහිපයක් හෙළි කරනවා. එකක්..... 'විෂබීජයක් ඇතුළු වීම' නිසා. අනිත් එක.... 'ශ්වසන අපහසුතාවයක්' නිසා.
'මේ මගේ දෙවැනි දරු උපත. මීට පෙර පුතෙක් ඉන්නවා. 9 දා නිවුන් දරු උපතින් දුවෙක් සහ පුතෙක් ලැබුණා. මගේ පළමු බබා 19 දා මියගියා. ඊට පස්සෙ හිත හදා ගත්ත තව දරුවෙක් ඉන්න නිසා එයාව හදාගෙන ජීවත් වෙනව කියල. ඒ බබා උපත ලැබූ දිනයේ සිට ඉතා හොඳ මට්ටමක සිටින බවයි වෛද්‍යවරුන් කීවේ. බබාගේ බර තමයි අඩු. ඒ නිසා සති 34 සම්පූර්ණ වන තෙක් රෝහලේ ඉන්න වෙනවා කියලයි රෝහලෙන් අපට කීවෙ. ඒ අනුව බබා නොමේරූ ළදරු ඒකකයේ හිටියා. ඒත් 23 දා උදේ බබාට කිරි දෙන්න ගියාම බබා පෙන්නන්න බෑ කිව්ව. ඇයි ඇහුවාම හේතුවක් කීවෙ නෑ. පස්සෙ තමයි 22 දා රෑ එකපාරටම දරුවාට උණ ඇවිත් ලේ මට්ටම අඩු වෙලා හදවත නැවතුණා කියල කිව්වෙ. අනේ එයාට කිසිම ලෙඩක් තිබුණේ නෑ. එයා හොඳයි කියලනෙ දොස්තරෙවරුන් මාත් එක්ක කිව්වේ. ඇයි මට මෙහෙම වුණේ. මේක ගැන අෙට සැකයි. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න. තවත් අම්ම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න ඉඩ තියන්න එපා. මේක අසාධාරණයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්න...' (මේ මිය ගිය දරු පැටවුන්ගේ අම්මා අකිලා බොනිපස්...)
පසුගිය දිනෙක මේ දරු පැටවුන් දෙදෙනාගේ 'මෘත දේහය' කොහුවල පොදු සුසානයේ දී මිහිදන් කෙරුණා.
ඒ නමුත් ඒ 'අවාසනාවන්ත සිදුවීම' මේ මොහොතෙත් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පවතිනවා.
මේ වන විටත් 'මරණය' වෙනුවෙන් 'සාධාරණය' ඉල්ලා මුහුණු පොතේ බොහෝ පිරිසක් 'සංවේදී සටහන්' මෙන්ම වීඩියෝ පට ද එක්කර තිබෙනවා.
'දෙයියනේ... අනේ ඒ අම්මට හිත හදාගන්න ශක්තිය ලැබේවා !! පුංචි පැටව් දෙන්නට මතු උපදින කිසිම ආත්මෙක අකල් මරණ නොවේවා'
මේ මරණය කොයි තරම් 'සැක සහතයි' කීවා වුණත් කෙසේ නම් ඒ දරු පැටවුන්ට 'හුස්ම' පිඹින්නද? දිනෙන් දින මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන්නෙ කාගේ වරදින්ද? (ඒ වගකීම අමාත්‍යවරයා සතුද? නැතිනම් වෛද්‍යවරුන් සතුද? ඒ කිසිවෙක් නොවෙයි නම්..... කවුරුන් වග කිව යුතුද?)