gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් මහ රෑ මෝචරිය පැත්තටත් ගිහින්? – මෝචරි සේවකයින්ගේ පාපොච්චාරණය සහ ආතල්ලන්තේ මිනිස්සුන්ගේ VIEWS කතාව

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි.

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා. එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

මේ අතර, ජැක්සන් ගැන සඳහන් කරමින් ටෙස්ට් වන් යූටියුබ් නාලිකාව ද වීඩියෝ පට බොහෝමයක් පළ කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

මෝචරි සේවකයින් පාපොච්චාරණය කළා යැයි සඳහන් කෙරූ ව්‍යාජ ෆේස්බුක් සටහන් පෙළක් ද නිර්මාණය කරමින් ඔවුන් මේ පළකිරීම් සිදු කර තිබුණා.

ඔවුන් විසින් මෙලෙස පළ කරන ව්‍යාජ වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින රටක තවත් වැඩි යමක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka