gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

13 හැවිරිදි සිසුවිය එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබූ නිසා සිසුවියගේ අම්මා කරපු වැඩේ!

දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතැයි කී දහනව හැවිරිදි සිසුවාට දියණියගේ මව විසින් තියුණු කතුරකින් ඇන තුවාලකොට ඇති පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගිනිගත්හේන නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී සිසුවියත්, ඇයගේ මවත්, සිසුවාත් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ගිනිගත්හෙන පොලිසිය පවසනවා.

කතුරකින් ඇනීමෙන් තුවාල ලබා ඇත්තේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහුට කතුරකින් ඇන තුවාල කරන ලද කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලත් සිසුවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka