gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලේ බොන්නෙ ගෙම්බන්ගෙන් විතරයි… අලුතින් හොයා ගත් “මීරිගම මදුරුවාගේ ” කතාව

ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන  නව මදුරු විශේෂයක් ගම්පහ  මීරිගම ප්‍රදේශයෙන් සොය ගත් බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ  කීටවිද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ   සඳහන් කරයි.

යුරනොටේනිආට්‍රයිලීනිඒටා (Uranotaeniatrilineata) යන නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ලංකාවේ  දැනට වාර්තා වන කුඩාම මදුරු විශේෂය ලෙස හඳුනා ගෙන ඇතැයි ඔහු පවසයි.   

මෙම මදුරුවා මිලි මීටර 2 -3 අතර ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම මදුරුවා සමඟ ලංකාවේ මදුරු විශේෂ 156 දක්වා ඉහළ යන බවද පැවසේ.

මෙම මදුරු විශේෂය වසර 108ට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව තායිලන්තයෙන් සොයා ගන්නා ලදි. ඉන් පසුව වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙන් යැයි ද ගයාන් ශ්‍රී කුමාරසිංහ ලංකාසරට පැවසුවේය.

ශ්‍රියානි විජේසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka