2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය ඇෆ්ගනිස්ථානය සමග අද (03වැනිදා) පැවැත්වේ.
අද ප.ව.3.00 ට ගුවහාති හි බර්සපරා ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහභාගි නොවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝදුරට කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගි වූ පළමු පුහුණු තරගයේ දී බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වූ අතර අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට මානසිකත්වය අතින් යහපත් වේ.
ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියේ පුහුණු තරග යටතේ දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතව සිටියද වර්ෂාව හේතුවෙන් එම තරගයේ කාසියේ වාසියවත් උරගා නොබලා අත්හැර දැමිණි.