සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් ඇතුළු බස් රථ 58කට පොලිස් රථ වාහන කොට්ඨාසය විසින් දැඩි ලෙස අවවාද කෙරුණා.
ඒ, අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීම සම්බන්ධයෙන්.
මෙම බස් රථ මාර්ගවල අනතුරුදායක ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් විවිධ අවස්ථාවලදී පොලිසියට පැමිණිලි කර තිබුණා.
අදාළ පැමිණිලි හේතුරවෙන් මෙම බස් රථ සහ බස් රථ හිමිකරුවන් පොලිස් රථවාහන කොට්ඨාසය විසින් අද පිටකොටුවට කැඳවනු ලැබුවා.
එහිදී බස් රථ හිමියන්ට පොලිසියෙන් අවවාද කෙරුණේ බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත් කරන ලෙස හා මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ග නීති දැඩි ලෙස පිළිපදින ලෙසයි.
නීතිවිරෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි බස් රථ හිමිකරුවන් වෙත පොලිසිය අවධාරණය කර සිටියේ.