gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විරාට් කෝලි කියන සිහිනය මං අවුරුදු 14ක්ම එකම විදියට දැක්කා... කෝලි වෙනුවෙන් බලා හිඳි ලාංකික තරුණිය (VIDEO)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී කියන්නේ මොන තරම් දක්ෂයෙක්ද කියලා ඔයාල හැමෝම දන්නවනේ.

කෝලී කියන්නේ මොන තරම් දක්ෂ වුණත් සමහරුන් ඔහුට කැමැත්තක් දක්වන්නේ නැහැ.

මොකද ඔහු විකට්ටුවක් ගිය විට සමරන ආකාරයට අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ එතරම් කැමැත්තක් නැහැ.

හැබැයි ඔහු ඉතාමත් කාරුණික චරිතයක් කියලයි කියන්නේ.

මොකද ක්‍රීඩා පිටියේදි දක්නට ලැබෙන මුරන්ඩු ආක්‍රමනශීලී භාවය කාටත් පොදුයි.

විරාත්ට අකමැති අය අතරේ විරාත්ට කැමතිම අයත් ඉන්නවා.

ඒ වගේම එයාව හම්බෙන්න ආශාවෙන් ඉන්න අය ගොඩාක් ඉන්නවා.

ඒ වගේ අවස්ථාවක් අපේ රටේ තරුණියකට හිමි වුනා.

ඇය කෙතරම් නම් ඒ ගැන ආශාවෙන් සිටියාද යන්න එයාගේ මේ සටහනෙන්ම තේරුම් ගන්න පුලුවන්.

අවුරුදු 14ක් තිස්සේ දැකපු හීනය සැබෑවක් කරගත් හිරුනි !
_____________________________________________
" 2009 අවුරුද්දේ ඉඳන් මගේ ලෝකේ තිබ්බේ හීන දෙකක් හෝ තුනක් විතරමයි.

එක හීනයක් ඇරෙන්න අනික් සියල්ල මං සැබෑ කරගත්තා.

විරාට් කෝලි කියන සිහිනය මං අවුරුදු 14ක්ම එකම විදියට දැක්කා.

ඒ හීනය අද හැබෑ උනා.

පොඩිම කාලේ ඉන්දියාවට ගිහින් විරාට්ව හමුවෙනවා මං කියල හිතපු වාර අනන්තයි.

එකම එක වතාවක් එකම එක වචනයක් කතා කරන්න ලැබුනොත් ඇති කියල හිටපු මට අද ලැබුනේ දැකපු හීනෙටත් වඩා වැඩි අවස්ථාවක්.

විරාට් කෝලි කියන්නේ බොහෝ දෙනාට ක්‍රිකට් ක්‍රීඩයෙක් උනාට මට විරාට් කියන්නේ මගේ රෝල් මොඩ්ල් එක.

මං ඒ චරිතය තුලින් දැක්කේ වෙනස්ම මිනිසෙක්.

ඒ වෙනස්ම චරිතය දකින්න කතා කරන්න මං මවපු හීනය සැබෑ උනා.

ඔහු වෙනුවෙන් දුන් පුංචිම පුංචි තිලියත් අතේම අරන් ඈතට යන හැටි බලන් හිටියේ අඬ අඬාමයි.

මං නවතින්නේ නෑ තව හීන දකිනවා, ඒවා සැබෑ කරගන්නවා. මං යන තැනට යනවා ඒක මං අද අත්වින්දා

මේ හීනය දකින්න මම අවුරුදු 14ක් බලන් ඉන්නකොට ඒ 14ම මගේ අම්මා Muditha Kaluarachchi තාත්තා ඒ පිටිපස්සේ හිටියා.

එයාල මාව දිරිගැන්වූවා හීන දකින්නයි ඒවා සැබෑ කරගන්නයි.

ඒ වගේම මගේ හස්බන්ඩ් Malinda Samarasingha මැරි කරන්නත් කලින්ම දැනන් හිටියා මං විරාට් පිස්සියෙක් කියලා.

එයා ඒක හරිම ආදරෙන් ඉවසල ඒ වෙනුවෙන් මගේ එක්කම හිටියා.

මං කියන හැම දේම මට කරල දුන්නා.

ඒ වගේම මේ හීනේ හැබෑ කරන්න මට ලොකුම උපකාරය කලේ ගයාන් අයියා.

Gayan Senanayake ගයාන් අයියා අවුරුදු 8ක ඉඳන් මගේ යාළුවෙක්..

මගේ හීනේ එයා හොඳටම දැනන් හිටියා.

මට පොරොන්දු වුනා කවදා හෝ ලංකාවට ආපු දවසක මාව මුනගස්සවනමයි කියලා.

ගයාන් අයියා අද ඒක කලා. "
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka