gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට හෘදයාබාධයක් – ජාතික රෝහලට ඇතුළත් කරයි

නදුන් චින්තක නොහොත් හරක් කටා ඊයේ  (14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ.

ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.

මේ අතර, නඳුන් චින්තක නොහොත් හරක් කටාට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාම සඳහා සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා දෙපාර්තමේන්තු පරිශ්‍රයන් පළා යන ආකාරය දැක්වෙන CCTV දර්ශන අපි පෙරේදා  (03) මුල්වරට රට හමුවේ අනාවරණය කළෙමු.

අප වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ, හරක් කටා පළා යෑමට උත්සාහ කිරීමේ සිදුවීමට අදාළ කිසිඳු CCTV දර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර කැමරා පද්ධතියේ සටහන්ව නොමැති බවයි.

දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ, එහි CCTV කැමරා පද්ධතිය වසර එකහමාරක පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයක පැවති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් පසු ව මේ වන විට කඩිනමින් CCTV කැමරා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, නේපාලයේ සිට මෙරටට පැමිණිමේ දී අත්අඩංගුවට ගැනුණු ගනේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර නමැති සංවිධානාත්මක අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය වෙත භාර කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව නැතහොත් මාකිලංගමුවේ සංජීව නමැත්තා ඊයේ පස්වරු 05.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 182 යානයෙන් මෙරටට පැමිණියේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිටයි.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ, සේනාධීරගේ කරුණාරත්න යන ව්‍යාජ නමකින් සකසන ලද ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමිනි.

අදාළ ගුවන් ගමන් බලපත්‍රය ගැන සැක සිතූ ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ, එය දෙමටගොඩ පදිංචි සේනාධීරගේ කරුණාවතී යන කාන්තාවකගේ විස්තර ඇතුළත් කර සැකසූ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින්ම නිකුත් කරන ලද වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් බවයි.

අනතුරු ව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු තමන් ගණේමුල්ලේ සංජීව බව ආගමන විගමන නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු පවසා ඇත්තේ, තමන් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන්  බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය බවත් එහි දී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ බවත්ය.

අනතුරුව ඉන්දීය ආරක්ෂක අංශ වෙතින් මිදී ඔහු නේපාලයට ගොස් ඇතත් නේපාල දේශසීමා ආසන්නයේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ බව ද පවසා තිබේ.

ඔහු එලෙස  අත්අඩංගුවට පත් වූ බව කියන ඉකුත් අගෝස්තු මස 25 වැනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.

කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශ පසු ව අනාවරණ කරගෙන තිබුණේ, ගණේමුල්ලේ සංජීව විශාල මුදලක් ලබා දී නේපාල ආරක්ෂක අංශ වෙතින් ද නිදහස් වී ඇති බවයි.

නමුත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තමන් සතු වීම හා මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන තිබීමත් හේතුවෙන් ඔහුට තවදුරටත් නේපාලනයේ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උත්ගත වී තිබූ බව වාර්තා වේ.

ඒ අනුව වෙනත් විකල්පයක් නොමැති බැවින් ඔහු මෙරටට පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ගණේමුල්ල සංජීව, ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ දීම බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත බාරදෙනු ලැබීය.

මේ අතර, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ විමර්ශන ඒකක කිහිපයක් එක්ව ඔහු සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් විශේෂ සාච්ඡාවක් සිදු කර තිබේ.

එවන් පසුබිමක ගනේමුල්ලේ සංජීව ඊයේ පස්වරුවේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එහි දී ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම හේතුවෙන් සිදු වූ ඝාතන රැසක් මොහුගේ ආධාර අනුබලදීම යටතේ සිදු කළ ඒවා බවට පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම LTTE සංවිධානයේ පුනරුත්තාපනය නොවූ වෙඩික්කරුවන් මාර්ගයෙන් දකුණේ මිනිස් ඝාතන සිදු කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka