gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියා සිහිනය සැබෑ වෙන ලකුණු – ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා!

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමටත්, ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බවට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට අද (14) සහතික වුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනය පරිදි කොරියනු රජයේ කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා දෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන ලංකාවට පැමිණි අතර විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ගුවන්තොටුපොලේදී අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරුන් දෙදෙනා අතර වන නිල හමුව පැවති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. වසර විස්සකට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන බවද, ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවද කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වුණා.

ඇගලුම් ක්ෂේත්‍රය, සාත්තු සේවක ක්ෂේත්‍රය, වැනි නව රැකියා ක්ෂේත්‍රයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කරන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර එයට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමි වුණා.

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය බවත්, ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ඒ සදහා වැඩි අවස්ථා විවෘතවී තිබෙන බවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

මේ වන විට කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවීමට අමාත්‍ය Lee Jung-Sik කටයුතු කර තිබූ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවා තත්වයන් ඔහුගේ අගය කිරීමටද ලක් වුණා.

දෙරට අතර වන ද්වි පාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට ඉදිරියේදී ගනු ලබන සෑම පියවරකටම පූර්ණ සහාය ලබාදීමටද අමාත්‍ය Lee Jung-Sik වැඩිදුරටත් සහතික වුණා.

මෙම අවස්ථාවට කොරියානු කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙරට කොරියානු තානාපතිනිය ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka