gossip lanka

රාගික මවගේ අනාචාරී හැසිරීම තරුණ පුතාගේ ජීවිතය පෝරකයෙන් කෙළවර කළ හැටි

සිද්ධිය අවුරුදු 08ක් පැරණිය.  සිය මව සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය අනියම් සැමියා  හමුවී එම ඇසුර නවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට   22 හැවිරිදි තරුණ පුතෙක් අදාල පුද්ගලයාගේ නිවසට ගියේය.  එහිදී මෙම අනියම් සැමියා සමග තරුණ පුතා බහින්බස් විය. තරුණයා අතේ තිබුණු හෙල්මට් එකෙන් මවගේ අනියම් සැමියාට පහර දුන්නේය. ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය.

ඒ තරුණ පුතාට ඊයේ මරණ දණ්ඩනය හිමි විය. ඒ වනවිට එහු 30 හැවිරිදි දෙදරු පියෙකි. තම මවගේ අනාචාරී හැසිරිම තමන්ගේ ඉරණම වෙනස් කළ ආකාරය ගැන විවෘත අධිකරණයේ හඬා වැටෙමින් ඔහු කළ කතාව උසාවියේ සිටි සියල්ලන්ගේම දෙනෙත් තෙත් කළේය.

ඒ සිදුවීම මෙසේය.

වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මට් එකකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ බවට චෝදනා ලද 30 හැවිරිදි දෙදරු පියෙකුට හම්බන්තොට මහාධිකරණය ඊයේ (13) සවස මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ උඩමලල, හම්බන්තොට ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.සංජිව ගුණසේකර නැමති 30 හැවිරිදි දෙදරු පියෙකුටය.


චුදිත පුද්ගලයා සිය මවගේ අනියම් සැමියා බව කියන වැලිගත්ත, බඳගිරිය පදිංචි දෙදරු පියෙකු වු සැම්සන් වන්නිගම නැමති අය සමග 2015.04.03 වන දින ආරවුලක් ඇති කරගෙන තිබුණි. එම ආරවුල ඇතිව තිබුණේ චුදිත පුද්ගලයා තවත් ඥාති පුද්ගලයෙකු සමග මරණකරුගේ නිවසට ගොස් සිය මව සමග ඇති අනියම් සබධතාවය නවත්වන ලෙසට ඉල්ලීමක් කිරිමට ගොස් තිබු අවස්ථාවේදිය.

එම අවස්ථාවේදී මරණකරු හා චුදිත පුද්ගලයා අතර බහින් බස්විමක් සිදුව ඇති අතර එය දුරදිග ගොස් චුදිත පුද්ගලයා විසින් ඔහු අතෙහි වු හෙල්මට් එකකින් මරණකරුට පහර දි තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබිණි.   පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණි. එහිදී හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී තුවාල කරු 2015.04.10 වන දින මියගියේය.


ඒ අනුව එම සිද්ධියට අදාලව ඒ වන විට 22 හැවිරිදි වියේ පසු වු චුදිත පුද්ගලයා හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිත පුද්ගලයාට හා ඔහු සමග එම අවස්ථාවට ගිය ඥාති පුද්ගලයාට එරෙහිව 2017.12.22 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වදර යටතේ අධිචෝදනා ගොනු කරන ලදි.

එහිදී ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු වරයා පළමු චුදිත වු ඩබ්ලිව්.ඒ.ආර්.සංජීව නැමති අයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වි නොතිබීම හෙයින් පළමු චුදිත අදාල චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කෙරුණි.

දෙවන චුදිත වු ඩබ්ලිව්.සංජිව ගුණසේකර නැමති 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල විසින් නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණීල්ල සමත්ව තිබූ හෙයින් දෙවන චුදිත පුද්ගලයාට මහාධිකරණ විනිසුරු වරයා විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණි.


චුදිත පුද්ගලයාට මරණීය දණ්ඩනය නොපැමිණ විමට හේතු ඇත්නම් එය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලෙසට අධිකරණය චුදිත පුද්ගලයාට දැනුම් දුන් අවස්ථාවේ චුදිත පුද්ගලයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිට හඩා වැළපෙමින් කියා සිටියේ තමන්ගේ සිය මව පවත්වාගෙන ගිය අනියම් සබධතාවය නවත්වන ලෙසට ඉල්ලීමක් කිරිමට තමන් මරණකරු හමුවට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවිම සිදු වු බවත්,සිය මවගේ වැරිදි හැසිරිම් හේතුවෙන් අද තමන්ට මෙලෙස මරණීය දඩුවම හිමි වු බවත්ය.

අනතුරුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු වරයා තීන්දුව ප්‍රකාශ කල අතර, ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන දිනකදී, ස්ථානයකදී, වේලාවකදී චුදිත පුද්ගලයා බෙල්ලෙන් එල්ලා මරණයට පත්කරන තෙක් චුදිත පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කෙරුණි.

නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

සූරියවැව නුවන් ජයසේකර
gossip lanka