gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ලස්සන මලක් පරවෙලා යද්දි උහුලන්නෙ කොහොමද දෙයියනේ! සුදු මැණික හිතාගන්න බෑ...': 'හීන' පෙනි පෙනී, අතින් අත් නොඇර උන් පෙම්වතාවත් තනි කර අවසන් ගමන් ගිය 'ගයනි'!

'ජීවිතේ' ඇවිත් යන්න ආපු 'ගමනක්'... (ඒකේ 'අවසානය' තීන්දු කරන්න ඔයාට අයිති නැතිවුණත්...)

'දෙවියන් වහන්සේ' හරි... කවුරුම හරි අඬ ගැහුවොතින් ඔයාට 'එහේ' යන්න වෙනවා. (ඔයාට සමීප 'උනුන්' සඳහටම 'තනිකරලා' දාලා....) ඔයා නෑවිත් ඉන්න බැව් දැන දැනම ඔයාගේ අත ගත්ත, ඔයාව 'ජීවිතේම' කරගත්ත කෙනාට හිත හදාගන්න වෙනවා.

ඒ 'ඉරණම් කතාවේ' අවසානය ඔයාට ලියන්න වෙනවා. (ඒක ඔයා නොදැනම වෙනවා වුණත්...)

'ගයනි කෞෂල්‍යා' කියන්නෙත් එහෙම 'හීන' දැකපු එකියක්. ජීවිතේ මහා 'දිග දුරක්' පැදන් යන්න තරම් මහා විශාල 'හීන' ඈටත් තිබුණා. ඒ හීන දැකපු 'එකා' එක්ක ඈ අත්වැල් පටලා ගත්තා. අන්තිමේ 'පෝරු මස්තක' නැඟ්ගා. ඒත්..... නොහිතපු මොහොතක 'ඈ' යනවා. 'ඔහු' හා සමීප හැම 'එකාවම' අඬවලා.



'හිතාගන්න බෑ සුදු මැණික ඔයා අපිව දාලා ගියා කියල! ඔයාගෙ හොදනම් මට මෙතන ලියල ඉවර කරන්න බෑ ! පෙරෙදා හොදට කතා කරල හිටිය ඔයා මෙහෙම යයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ මැණික! ඔයා වගේ ලස්සන මලක් මෙහෙම පර වෙලා යද්දි උහුලන්නෙ කොහොමද දෙයියනෙ ! මැණික ඔයාට අමා මහ නිවන් සුවම ලැබේවා ! කිසිම ආත්මෙක මෙහෙම අකල් මරනයක් වෙන්න එපා ! අන්තිමට ඉතුරු වුනේ ඔයාගෙ ලස්සන හිනාව පිරුණු මේ photo විතරයි! (සමාජ මාධ්‍ය සටහන්...)



'ගයනි'ට දිවි අහිමි වෙන්නෙ හදිසි අනතුරකින්. 'යතුරු පැදි මාරකයක්' ඇගේ ජීවිතේ 'අවාසනය' තීන්දු කරලා තිබුණා.

'ජීවිතේ සුන්දරම කාලෙක හම්බ උන හරිම සුන්දර යාලුවෙක්.සතෙක්ටවත් රිද්දන්න බැරි තරම් අහිංසක හදවතක්.හිතා ගන්න බැරි තරම් ලොකු අහිමි වීමක්.නිවන් සුව මගෙ කව්වෝ…එදා මතක එක්ක දරා ගන්න බැරි දුකකින් සමු දෙන්නම්' (සමාජ මාධ්‍ය සටහන්)



ඉතින් ඈ මෙහෙන් යනවා. ඇගේ 'වියෝව' මුලු මුහුණු පොතම සංවේදී කරලා. (මම මේ සටහන ලියන මොහොතෙත් වැළපෙන උනුන් ඇගේ අහිංසක හිනාවම මතක් කර කර හූල්ලනවා...)

පරිස්සමින් ගිහින් එන්න ගයනි....!!

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka