gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෑට රෑට මිනුවන්ගොඩ ටවුමේ ඩ්‍රෝන යැවූ ‘මංචනායක සර්‘ අත්අඩංගුවට!

නිසි බලධාරියකුගෙන් ලබා ගත් බලපත්‍රයක් නොමැතිව කැමරාව සහිත ඩ්‍රෝන යානයක් මිනුවන්ගොඩ නගරයේ ගුවන්ගත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මිනුවන්ගොඩ උපකාරක පන්ති පවත්වන ආයතනයක ප්‍රධානියාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වී, තේනබදු මහත්මිය නියම කළාය. 
 
මිනුවන්ගොඩ කනත්ත පාරේ පදිංචිකරුවෙකු වන එම්.ඒ.ඩී. අරුණෝද මංචනායක නමැති උපකාරක පන්ති පවක්වනු ලබන ආයතනයක ප්‍රධානියා මෙන්ම උපකාරක පන්ති ගුරුවරයාව මෙලෙස ඇප මත මුදා හැරුණි

මිනුවන්ගොඩ නගරයේ කැමරාවක් සහිත ඩ්‍රෝන යානයක් රාත්‍රී කාලයේ පියාසර කරන බවත් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට මිරිගම ගුවන් බළකා මෙහෙයුම් මැදිරිය විසින් මිනුවන්ගොඩ ඉපාලිසියට දැනුම් දී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.එස්. ජයලත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මිනුවන්ගොඩ නගරයට ගොස් කළ විමර්ශනයේ දී සැකකරු විසින් කැමරාවක් සහිත ඩ්‍රෝන යානයක් භුවන්ගත කරමින් සිටි බවට නිරික්ෂණය වී තිබූ බව පොලිසිය පවසයි. පසුව නවීන පන්නයේ කැමරාවක් සහිත ඩ්‍රෝන යානය,

එය පාලනය කරන දුරස්ථ පාලකය සමඟ සැකකරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදි සඳහන් විය.

මෙම ඩ්‍රෝන යානය රාත්‍රී කාලයේ දි මිනුවන්ගොඩ නගරයේ ගුවන්ගත කිරීම කුමන අරමුණක් ඇතුව සිදු කළේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.පි.ජි.කේ. අබේරත්න සහ සැරයන් වසන්ත (55562) යන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ. නඩුව නැවත නොවැම්බර් මස 08 වැනිදාට අධිකර ණය හමුවේ කැඳවීමට නියම විය.

ටෝනි කරුණානායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka